AFC Banner
Empty Ad
Empty Ad

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විශේෂ නිවේදනයක්

මෙතෙක් අවසර ලබා දී ඇති රැස්වීම් හැර අනෙකුත් මහජන ඒකරාශී වීම් සහ ක්‍රියාකාරකම්වලට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඊයේ දිනයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් 715 දෙනා සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 548, 061 දක්වා ඉහළ ගියා.

මේ වනවිට මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 75 කට වැඩි පිරිසක් එන්නත්කරණයට ලක් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

පොදු ස්ථානවලදී කොරෝනා එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, මහනුවර ජාතික රෝහලේ නව පිළිකා රෝග ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.මෙතෙක් අවසර ලබා දී ඇති රැස්වීම් හැර අනෙකුත් මහජන ඒකාරාශී වීම් සහ ක්‍රියාකාරකම් සඳහා පූර්ව අවසර ලබා ගත යුතු බව අවධාරණය කරමින් නිරෝධායන ආඥා පනත සංශෝධනය කර ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?