AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන වෙනුවෙන් මිල සුත්‍රයක් අනිවාර්යයි

රාජ්‍ය බැංකු පද්ධතියේ ස්ථාවරත්වය පවත්වාගෙන යෑම සඳහා ඉන්ධන වෙනුවෙන් මිල සූත්‍රයක් අත්‍යවශය වන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. මෑත කාලීන ගෝලීය බොරතෙල් මිල ගණන් ඉහළ යෑමේ ප්‍රවණතාව සහ වසරේ ඉතිරි කාලයේ මෙම තත්ත්වය අඛණ්ඩව පැවැතිය හැකි බවට පළකෙරෙන අනාවැකි හේතුවෙන් ඉන්ධන අර්බුද විසඳීම සඳහා මිල සංශෝධනය පමණක් ප්‍රමණවත් නොවන බවද මහ බැංකුව පෙන්වා දෙනවා.

‘මෑත කාලීන ආර්ථික ප්‍රවණතා’ නමින් ශ්‍රී ලංකා මහ බැංකුව පෙරේදා (10) නිකුත් කළ නවතම වාර්තාව ඔස්සේ මෙලෙස ඉන්ධන වෙනුවෙන් නව මිල සූත්‍රයක අනිවාර්ය අවශ්‍යතාව පෙන්වා දී ඇත.

මෙවැනි මිල සූත්‍රයකින් මිලදී ගැනීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය වැඩි කළ හැකි අතර ඉන්ධන මිල ගණන් පිළිබඳව සාමාන්‍ය ජනතාව පවතින පිළිගැනීමද වැඩිදියුණු කළ හැකි බව මහ බැංකුව පවසයි. එසේම නිශ්චිත මිල සූත්‍රයක් මගින් ගෝලීය වෙළෙඳපොළේ ඕනෑම මිල පහත වැටීමක ප්‍රතිලාභ පාරිභෝගිකයා වෙත ක්ෂණිකව ළඟා කරදිය හැකි බවද මහ බැංකුව සිය වාර්තාවෙන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?