“සහන දෙනවා නම් වෙන පැත්තකින් කපලා තමයි දෙන්න වෙන්නේ”

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හෙට පස්වරු 2.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මේ ආණ්ඩුවේ දෙවන අයවැය ලේඛනයයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමත් සමඟ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් අයවැය ලේඛනය ඉදිරිපත් කළ පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසයට එක්වෙනවා.

අයවැය දෙවන වර කියවීමේ විවාදය සෙනසුරාදා ආරම්භ වී දින 7ක් පැවැත්වෙනවා.

දෙවනවර කියවීමේ ජන්ද විමසීම නොවැම්බර් 22 වනදා සිදු කෙරෙනු ඇති. 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සහ කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් මෙරට ආර්ථිකය ගෙවුණු වසර දෙක හමාර තුළ අත්කර ගත්තේ ඉතා සුළු ප්‍රගතියක්.

මන්දගාමී ආර්ථික වර්ධනය නිල විදේශ සංචිත පහළ යාම, රුපියල තියුණු ලෙස අවප්‍රමාණය වීම, රාජ්‍ය ආදායම අඩු වීම, රාජ්‍ය ණය තිරසාරභාවය පිලිබඳ අවදානම වැනි ආර්ථික අභියෝග රැසකටම රට මුහුණ දී සිටිනවා.

හෙට ඉදිරිපත් කරන අයවැය ගැන ජනතාව මෙලෙස අදහස් පල කළා,

“කෘෂි උපකරණ මිල වැඩියි දැන්. තෙල් එහෙම අපිට ගන්න විදියක්  නැහැ.එකට එකක් ගණන් වැඩියි. මේ අඩු කරලා දෙන්න මේ කෘෂි උපකරණ.”

“තෙල් වර්ග ටිකයි, පොහොර ටිකයි අපිට ලබා දෙන්න.”

“ගොවිතැනට සහනයක් දෙන්න.”

“මම නම් හිතන්නේ නැහැ මේ යන තත්වයත් එක්ක.”

“බඩු මිල ඔක්කොම ගණන්. හොඳ දෙයක් දෙන්න කියලා අපි ඉල්ලනවා.”

“හොඳක් වෙනවා නම් හොඳයි.”

“මහජනතාවට සහනයක් ලැබෙනවා නම් හොඳයි ඇත්තටම.”

“සහන ලැබෙනවා නම් වෙන පැත්තකින් කපලා තමයි සහන දෙන්න වෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ.”

“අපි බලාපොරොත්තු වෙනවා අලුත් මුදල් ඇමති අපිට සහන ලබා දෙයි කියලා.”

“විශේෂ දෙයක් නැහැ. අයවැය කියලා අපිට රත්තරන් දෙන්නේ නැහැනේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39