මගෙන් අවශ්‍ය වූ දේ ඉටුවුණේ නැත්නම් අලුත් කණ්ඩායමක් හොයා ගන්න – ජනපති ජනතාවට කියයි

තම රජය තුළින් ජනතාව බලාපොරොත්තු වූ දේ ඉටු වන්නේ නැතිනම් අලුත් කණ්ඩායමක් සොයා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ නැවත පරණ කණ්ඩායම ම බලයට ගෙන ඒමේ ක්‍රමය දැන් වෙනස් කළයුතු බවයි.

“අවුරුදු 5ක් රට පාලනය කරලා අසාර්ථක වුණු නිසානේ මම මෙතනට පත් වුණේ. දැන් අවුරුදු දෙකකට පස්සේ කිසිම දෙයක් වුණේ නෑ වගේ කතා කරනවා. මේ ක්‍රමය වෙනස් කරන්න ජනතාව. මම වුණත් මගේ ආණ්ඩුවේ ඇමතිවරු වුණත් මන්ත්‍රීවරු වුණත් ඔබ බලාපොරොත්තු වූ දේ ඉටු නොකළොත් ආපහු අර පරණ කණ්ඩායමක් ම ගේන්න එපා. අලුත් අය හොයන්න. මම දන්නේ නෑ කොහොමද කරන්නේ කියලා. අපි හොඳ දෙයක් කරනවා නම් ඒකට රට වෙනුවෙන් සියලු දෙනා එකතු වෙලා කරන්න අවශ්‍යයි. විරුද්ධ පක්ෂයක් කියන්නේ ඒකයි. අපිට සංවර්ධනය කරන්න ආයෝජන කරන්න මුදල් නෑ. අපි පිටරටවල ආයෝජන ගේන්න අවශ්‍යයි. සෘජු විදේශ ආයෝජන නැතිව අපි වගේ රටකට යන්න පුළුවන් කමක් නෑ. අපිට වත්කමක් නෑ. මේ ආයෝජන කරේ නැත්නම් අපිට ඉස්සරහට යන්න පුළුවන් කමකුත් නෑ.”

අරලියගහ මන්දිරයේදී අද (10) පෙරවරුවේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
38
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැගිටපන් යකෝ, අයියා ආවා - චූටික්කෝ මගේ මල්ලි
00:55
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්, බිරිඳ මෛත්‍රී එක්කම අධිකරණයට ආ හැටි
00:51
Video thumbnail
උසාවියට ආපු රනිල් ආපු වේගෙන්ම හැරිලා යයි
01:16
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්, බිරිඳ මෛත්‍රී එක්කම අධිකරණයට ආ හැටි - ගැම්මට එන හැටි බැහැලා
03:01
Video thumbnail
"ආණ්ඩුව හැදි#ගෑවිලාම පලයල්ලා" දේව කන්නලව්වක් කරලා ගොවීන් ආණ්ඩුවට පොල් ග#යි
05:34
Video thumbnail
මේක නියපොත්තෙන් කඩන්න තිබ්බ දෙයක් - කවුද ඕඩර් එක නොදුන්නේ..?
08:01
Video thumbnail
ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුමක් නොකලේ ඇයි ?ආණ්ඩුව ෆේල්
14:47
Video thumbnail
ඇමතිගේ අතින් අල්ලගෙන් නිලධාරීන් හඬා වැටෙයි
01:01
Video thumbnail
මහින්ද ඉස්සරහට ගිහින් වටගල දණ ගහනවා - කොන්දක් තියෙනවා නම් කෙළින් ඉන්න
07:02
Video thumbnail
යුද හමුදා නිලධාරීන් ඇවිත් ගාල්ල ජාතික රෝහලට දුන්න ෆුල් සුද්දය
03:36