කොවිඩ් ව්‍යාප්තිය නිසා නැවතත් රට වසන්න වේවි ජනපතිගෙන් ප්‍රකාශයක්

මේ වන විට රට විවෘත කර නව සාමාන්‍යකරණය යටතේ සියලු ක්‍රියාකාරකම් ආරම්භ කර තිබුණත් උද්ඝෝෂණ සහ පෙළපාලි ඇතුළු විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් නැවතත් කොවිඩ් පැතිර යාමේ අවදානමක් පවතින බවත් එමගින් නැවතත් රට වසා දැමීමට සිදු විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා.

ඉන් ජනතාවට සහ ආර්ථිකයට සිදුවන හානිය බරපතළ බව විරුද්ධ පක්ෂය අවබෝධ කරගත යුතු බවයි මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.

විපක්ෂයෙන් තමා අපේක්ෂා කළේ සෑම දෙයකටම විරුද්ධ වීම නොව රටේ අනාගතය වෙනුවෙන් නිවැරදි දෙයට සහාය වීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ලෝක විද්‍යා දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා දිනය හා විද්‍යා සතිය සැමරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ දී අද (10) පෙරවරුවේ පැවති උත්සවය අමතමින්ය.

තම ධුර කාලයෙන් වසර දෙකක් ගත වී ඇති අතර එම කාලය තුළ කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට දැවැන්ත කාර්යභාරයක් ඉටු කිරීමට සිදු වූ බවත්, එදා ආණ්ඩු කළ විරුද්ධ පක්ෂය මෙම තත්ත්වය අවබෝධ කරගත යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

වසර පහක පාලන කාලයක වූ දුර්වලතා හා අසාර්ථකත්වය හේතුවෙන් ජනතාව ඔවුන් වෙනුවට තමා ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කරගනු ලැබූ බවත්, එහෙත් අද විපක්ෂය කිසිඳු බලයක් නොතිබූ කණ්ඩායමක් ලෙස හැසිරීම කණගාටුවට කරුණක් බව පැවසූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ක්‍රමය වෙනසකට ලක් කිරීම රටේ අනාගතය වෙනුවෙන් වන වර්තමාන අවශ්‍යතාවයක් බව ද කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සාක්ෂි ගැන අහද්දි සජබ රෝහණට උත්තර නැතිවුණාද ?මෙතන කියන්න බෑ...මාව අපහසුතාවයට පත් කරන්න එපා
01:11
Video thumbnail
පැරදුණත් යන්නේ නැති තැන් මේ - කළින් හිටියේ පිල් මාරු කරපු මන්ත්‍රීවරයෙක්..දැන් හොරකම් කරන්නේ නෑ
02:37
Video thumbnail
විනිසුරුවරුන් සෙට් එකම මැ#ණොත් කොහොමද නඩු වේගවත් කරන්නේ ?නඩු ඉවර කර ගන්න සජබයෙන් දුන් විකල්ප
02:14
Video thumbnail
අපි සදාකාලිකව දේශපාලනයේ ඉන්නේ නෑ - පැරදුණොත් එළියේ..මේ යන්නේ ඒකාධිපති ගමන් මාර්ගයක්
08:58
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස
00:45
Video thumbnail
අපි පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සා ඇමතිකම් අතහැරලා - රාජිත ආණ්ඩුවට සැරටම අමතයි
02:43
Video thumbnail
ඒකාබද්ධ වෘර්තීය සමිති පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි - අනුර, හර්ෂ පුරප්පාඩු පුරවාපන්
01:00
Video thumbnail
කොට අයට අනිවාර්ය නැති සීට් බෙල්ට් නීතිය - අඩි හතර හමාරට අඩු අයට සීට් බෙල්ට් නීතිය අනිවාර්ය නෑ
01:00