කොවිඩ් ව්‍යාප්තිය නිසා නැවතත් රට වසන්න වේවි ජනපතිගෙන් ප්‍රකාශයක්

මේ වන විට රට විවෘත කර නව සාමාන්‍යකරණය යටතේ සියලු ක්‍රියාකාරකම් ආරම්භ කර තිබුණත් උද්ඝෝෂණ සහ පෙළපාලි ඇතුළු විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් නැවතත් කොවිඩ් පැතිර යාමේ අවදානමක් පවතින බවත් එමගින් නැවතත් රට වසා දැමීමට සිදු විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා.

ඉන් ජනතාවට සහ ආර්ථිකයට සිදුවන හානිය බරපතළ බව විරුද්ධ පක්ෂය අවබෝධ කරගත යුතු බවයි මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.

විපක්ෂයෙන් තමා අපේක්ෂා කළේ සෑම දෙයකටම විරුද්ධ වීම නොව රටේ අනාගතය වෙනුවෙන් නිවැරදි දෙයට සහාය වීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ලෝක විද්‍යා දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා දිනය හා විද්‍යා සතිය සැමරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ දී අද (10) පෙරවරුවේ පැවති උත්සවය අමතමින්ය.

තම ධුර කාලයෙන් වසර දෙකක් ගත වී ඇති අතර එම කාලය තුළ කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට දැවැන්ත කාර්යභාරයක් ඉටු කිරීමට සිදු වූ බවත්, එදා ආණ්ඩු කළ විරුද්ධ පක්ෂය මෙම තත්ත්වය අවබෝධ කරගත යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

වසර පහක පාලන කාලයක වූ දුර්වලතා හා අසාර්ථකත්වය හේතුවෙන් ජනතාව ඔවුන් වෙනුවට තමා ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කරගනු ලැබූ බවත්, එහෙත් අද විපක්ෂය කිසිඳු බලයක් නොතිබූ කණ්ඩායමක් ලෙස හැසිරීම කණගාටුවට කරුණක් බව පැවසූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ක්‍රමය වෙනසකට ලක් කිරීම රටේ අනාගතය වෙනුවෙන් වන වර්තමාන අවශ්‍යතාවයක් බව ද කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09
Video thumbnail
"රනිල් කියන්නේ වැම්පයර් කෙනෙක්"..රනිල් කිසිම දවසක ජනතාව මත පය ග#පු කෙනෙක් නෙවෙයි
08:21


?