AFC Banner
Empty Ad
Empty Ad

හිත්පිත් නැති ජල පහර ඒ පුංචි පුතුත් රැගෙන ගිහින්

අයහපත් කාලගුණයත් සමග ඇතිවූ සැඩ ජල පහරකට හසුවී ගසාගෙන ගිය පිය පුතු දෙදෙනාගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ. එකොළොස් හැවිරිදි පුතා කුලියාපිටිය විලපොළ ප්‍රදේශයේ උපකාරක පන්තියකට රැගෙන ගොස් නැවත නිවෙස බලා එමින් සිටියදී ඔවුන් දෙදෙනා ඊයේ (09) මෙම අනතුරට මුහුණ දී තිබුණි.

තිස්අට හැවිරිදි පියාගේ සිරුර ඊයේ සොයාගත් අතර පුතාගේ සිරුර සොයාගෙන තිබුණේ අද (10) දිනයේය. මාදම්පේ මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ එම දරුවා ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්වී සිටි ඉගෙනීම් කටයුතුවලට දක්ෂ දරුවෙක් බව ගම්වාසීන් පවසයි.සිරුරු සොයා ගැනීම සඳහා කුලියාපිටිය පොලීසිය සහ යුද හමුදාව එක්ව මෙහෙයුම් සිදුකර තිබූ අතර ගම්වාසීන් ඊට සහාය දී තිබුණි.

21 618b93af09b30
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?