ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

පවතින මිලට වඩා වැඩියෙන් ලිට්‍රෝ ගෑස් අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව 1311 දුරකථන අංකය ඔස්සේ ලිට්රෝ ගෑස් සමාගම වෙත පාරිභෝගිකයන්ට පැමිණිලි කළ හැකි බව එම සමාගම නිවේදනය කර සිටිනවා.

ඒ අනුව ඉදිරිපත් වන පැමිණිලි පිළිබඳව වහාම සොයා බලා ගත හැකි ක්‍රියාමාර්ග ගන්නා බවද කිසිවිටෙකත් පවතින මිලට වඩා වැඩි මිලකට ගෑස් අලෙවි කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම පියවර ගෙන නැති බවයි එහි ප්‍රකාශකයෙක් සඳහන් කර සිටින්නේ.

ඇතැම් ප්‍රදේශවල ලිට්‍රෝ ගෑස් හිඟයක් ඇති බවට වාර්තා වනවා නම් ඊට හේතුවී ඇත්තේ ලිට්රෝ සමාගම වෙත ගෑස් ලබා දෙන විදේශ සමාගම ගෑස් ලබාදීමේදී ප්‍රමාදයක් ඇති වූ නිසා බවද එම අවහිරතාව නිසා ගෑස් බෙදාහැරීමේ යම් ප්‍රමාදයක් සිදුවී ඇතැයිද එම නිසා ඇතැම් ප්‍රදේශවල ගෑස්වල හිඟයක් පැවැතිය හැකි බවද මෙම තත්ත්වය දින පහක් තුළ විසඳීමට ලිට්‍රෝ සමාගම කටයුතු කරන බවද එම සමාගම පැවැසුවේය.

විශේෂයෙන්ම කි.ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරවල බරෙහි යම් ප්‍රශ්නකාරී බවක් පසුගිය දිනවල පැවැතියද එම ගැටලුවද මේ වනවිට විසඳා ඇතැයිද සමාගමේ ගෑස් සිලින්ඩරවල බර සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් පාරිභෝගිකයන්ට ඇති වීමට ඉඩ නොදෙන බවද නිසි ආකාරව නියමිත බරට ගෑස් සැපයුම ඉදිරියටත් කරන බවද ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
43
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක නියපොත්තෙන් කඩන්න තිබ්බ දෙයක් - කවුද ඕඩර් එක නොදුන්නේ..?
08:01
Video thumbnail
ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුමක් නොකලේ ඇයි ?ආණ්ඩුව ෆේල්
14:47
Video thumbnail
ඇමතිගේ අතින් අල්ලගෙන් නිලධාරීන් හඬා වැටෙයි
01:01
Video thumbnail
මහින්ද ඉස්සරහට ගිහින් වටගල දණ ගහනවා - කොන්දක් තියෙනවා නම් කෙළින් ඉන්න
07:02
Video thumbnail
යුද හමුදා නිලධාරීන් ඇවිත් ගාල්ල ජාතික රෝහලට දුන්න ෆුල් සුද්දය
03:36
Video thumbnail
වැලිමඩ ටවුමේ මම ඔයාගේ ෆොටෝ එක තියලා වඳිනවා
07:16
Video thumbnail
සුගීශ්වර යළි රිමාන්ඩ් - ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
01:09
Video thumbnail
දිවි අහිමිවූ බන්ධනාගාර නිලධාරින්ගේ දේහයන් ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන යන අයුරු
03:51
Video thumbnail
මම පිස්සෝ අවුස්සන්නේ නෑ - මේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න
07:16
Video thumbnail
හර්ෂණගේ කතාවට මරික්කාර් රිදෙන්නම දෙයි
10:51