ගුරු විරෝධතාවයට එක්වූ 27 හැවිරිදි ගුරුවරිය හිටි හැටියේ ඇද වැටී මියයයි

මාතර, කොටපොළ ජාතික පාසල ඉදිරිපිට සංවිධානය කර තිබූ ගුරු විරෝධතාවයක ට සහභාගී වී සිටි ගුරුවරියක් ක්ලාන්ත වී බිම ඇදවැටී ඇති අතර රෝහල් ගතකිරීමේ දී ඇය මියගොස් තිබෙනවා.

අද (09) සවස කොටපොළ ජාතික පාසල ඉදිරිපිට සිට පාගමනින් ගැටබරු විහාරය දක්වා ගොස් නැවත කොටපොළ ජාතික පාසල දෙසට පැමිණෙමින් තිබිය දී එම අවාසනාවන්ත සිදුවීම වාර්තා වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

එලෙස මියගොස් ඇත්තේ, දෙණියාය මධ්‍ය මහ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සේවය කළ 27 හැවිරිදි ගුරුවරියක් වන අතර ඇය මීට පෙර හෘද සැත්කමකට මුහුණ දී දෙණියාය මුලික රෝහලේ මාසික සායනයට ද සහභාගී වන තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.

ඇද වැටීමෙන් අනතුරුව දෙණියාය මුලික රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් ඇය මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

ගුරුවරියගේ හදිසි මරණ පරීක්ෂණය අද දෙණියාය මුලික රෝහලේ පැවැත්වීමට නියමිත අතර කොස්මෝදර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක නියපොත්තෙන් කඩන්න තිබ්බ දෙයක් - කවුද ඕඩර් එක නොදුන්නේ..?
08:01
Video thumbnail
ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුමක් නොකලේ ඇයි ?ආණ්ඩුව ෆේල්
14:47
Video thumbnail
ඇමතිගේ අතින් අල්ලගෙන් නිලධාරීන් හඬා වැටෙයි
01:01
Video thumbnail
මහින්ද ඉස්සරහට ගිහින් වටගල දණ ගහනවා - කොන්දක් තියෙනවා නම් කෙළින් ඉන්න
07:02
Video thumbnail
යුද හමුදා නිලධාරීන් ඇවිත් ගාල්ල ජාතික රෝහලට දුන්න ෆුල් සුද්දය
03:36
Video thumbnail
වැලිමඩ ටවුමේ මම ඔයාගේ ෆොටෝ එක තියලා වඳිනවා
07:16
Video thumbnail
සුගීශ්වර යළි රිමාන්ඩ් - ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
01:09
Video thumbnail
දිවි අහිමිවූ බන්ධනාගාර නිලධාරින්ගේ දේහයන් ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන යන අයුරු
03:51
Video thumbnail
මම පිස්සෝ අවුස්සන්නේ නෑ - මේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න
07:16
Video thumbnail
හර්ෂණගේ කතාවට මරික්කාර් රිදෙන්නම දෙයි
10:51