රනිල් සීගිරියේ කෙළින්න ගියේ අමුතුම පිස්සුවක්: මමයි ඒක නතර කළේ – ඒ පී ඒ ගුණසේකර

ඒ.පී.ඒ ගුණසේකර මහතා මෙරට සිටී දක්ෂ රාජ්‍ය පරිපාලන නිලධාරියෙක්.

මේ වන විට විශ්‍රාමික දිවියක් ගෙවන ඔහු අමාත්‍යාංශ රැසක ලේකම් වරයෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා.

සීගිරියට කරන්න ගිය දේ

2001 රජයේ අග්‍රාමාත්‍යවරයා ව සිටී රනිල් වික්‍රමසිංහ මහතා පුරාවිද්‍යා නීති රීති තඹදොයිතුවකට නොතකා සීගිරියේ කානිවල් තබා එම ස්ථානය විනාශ කිරීමට ගත් පියවර තමන් නතර කළ හැටි ගුණසේකර මහතා සති අන්ත ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් හෙළිදරව් කොට තිබෙනවා.

ඒ මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂවරයා හැටියට.

ගුණසේකර මහතා ඒ සම්බන්ධයෙන් කියන්නේ මෙන්න මෙහෙමයි.

සීගිරි ලඳුන් පණ පිටින්

“2001 අග්‍රාමාත්‍ය ධුරයට පත් වික්‍රමසිංහ මහතා සංචාරක අමාත්‍යාංශයත් සමඟ එක්ව සීගිරියේ කානිවල් එකක් තියන්න හැදුවා.සංචාරකයෝ ගෙන්නන්න කියලා පුරාවිද්‍යා නීති රීති වලට පටහැනිව ගෑනු අය උඩුකය නිරුවත්ව සීගිරි ලදුන් වගේ අන්දවලා ජලාශවල බස්සා අමුතුම වැඩක් කරන්න ලෑස්ති වුණා.මම ඒකට තදින්ම විරුද්ධ වුණා.”

“මම හාමුදුරුවරු හම්බ වෙලා , සීගිරියේ වැඩ කරන අය හම්බ වෙලා ඒ අය සංවිධානය කරලා මේ වැඩේට විරුද්ධව සටන ගෙනිච්චා.ඒ වැඩේ එදා කලානම් ගෑනු අය බස්සන ජලාශවලට කිතුල් ඇට දාන්නත් සීගිරියේ තරුණයෝ ලෑස්ති වෙලා හිටියා.කොහොම හරි ලොකු සටනක් දීල ඒක නැවැත්තුවා.ඒකට රනිල් වික්‍රමසිංහ මාත් එක්ක කෝප වෙලා හිටියේ. මාව මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ කමෙන් අයින් කලා.”

එහෙත් තමා එම තනතුරින් ඉවත්ව ගියේ ඉතා සතුටින් බව ගුණසේකර මහතා සඳහන් කරනවා.

ලොකු සතුටක්

ඒ තනතුරට වඩා සීගිරියට වෙන්න ගිය ලොකු විනාශයකින් බේරා ගත්ත නිසා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ගුණසේකර මහතාද එම තනතුරට පත්කර තිබෙන්නේ එම ආණ්ඩුවේ හිටපු සංස්කෘතික ඇමති කරුණාසේන කොඩිතුවක්කු මහතා විසින් වීමත් විශේෂත්වයක්.

ඒ ගැනද ගුණසේකර මහතා සඳහන් කරනවා.

ජාතික යුතුකමක් විදියට සලකා එම තනතුර භාර ගන්නා ලෙස කොඩිතුවක්කු මහතා තමාගෙන් ඉල්ලීමක් කළ බවත් එසේ නැතිව තමන් එම තනතුර ඉල්ලාගත් එකක් නොවන බවයි ගුණසේකර මහතා අවධාරණය කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20