ආදර යෝජනා ගොඩක් එනවා. ඒත් පිළිගන්නේ නෑ

ලස්සන රූපයක් ලැබෙන්නේ පෙර පිනකට කියනවනේ. ඒ වගේම රූපය ලස්සන වෙන්නේ හිත ලස්සන අයගේ කියලත් කියනව. ලස්සන රූපයකට උරුමකම් කියන සුන්දරියක් තරමයි ශලනි කියලා කියන්නේ.

ශලනි ප්‍රනාන්දු. මෙහෙම කියනවට වඩා ලංකාවේ හැමෝම වගේ මේ රුවැත්තිය දන්නේ චුටී මැණිකේ කියලා .

එහෙමත් නතිනම් ලිහිණි කියලා.මේ දවස්වලනම් ලොක්කි කියලා කිවුවම හමෝම වගේ දන්නවා කියලා කියන්න පුළුවන්.

දෙරණ අවුරුදු කුමරිය වෙලා හා හා පුරා කියලා කලාවට පිවිසිනු ශලනි දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ ලිහිණි එහෙම නැතිනම් චුටී මැණිකේ කියන චරිතය හරහා තරමයි ප්‍රේක්ෂකයන් අතරට එන්නේ.

ගමක ඉන්න දුප්පත් කෙල්ලෙක් ගැමි චරිතයකට තමයි ඇය රංගනයෙන් දායක වෙන්නේ.

ඉතින් මේ චරිතයට ඉතාමත් හොද ප්‍රතිචාර ලැබෙනවා කියලා ඇය කියනවා. ඇයගේ නමට වඩා දැන් හැමෝම කතාකරන්නේ චුටි මැණිකේ කියලා.

ඇය ඉතාමත් ලස්සනයිනේ .ඒත් ඇය කියන්නේ තමන් ෆැෂන් පසුපස යන කෙනෙක් නෙවෙයි කියලා. මම තෝරා බේරාගෙන තමයි ෆැෂන් කරන්නේ. මට ගැලපෙන විදියට. නොගැලපෙන දේවල් මම කරන්නේ නැහැ.

ඇයගේ ඉදරි වැඩකටයුතු වලින් වෙනස්ම් දෙයක් ප්‍රේක්ෂකයාට දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි ඇය කියන්නේ. ඉද්රියේදී රංගනය හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්න බව තමයි ශලනි කිවුවේ.

ශලනි දැන් ජනප්‍රිය නිසා ආදර යෝජනා ගොඩක් ලැබෙන බව නම් කිවුවා.

නමුත් ඒ කිසිවක් ඇය පිළිගන්නේ නැහැ කියලත් කිවුවා.

ඉතින් තරුණයන්ගේ ආදරණිය කුමරියක් වුන ඇයට ආදර යෝජනා ඉදිරිපත් කරාට ප්‍රතිපලයක් ලැබේවිද කියලා කියන්න බැහැ.

මෝස්‌තර නිරූපන අංශයෙන් වැඩිදුර උගෙන ගන්න ඇය කලාවේ දිගටම රැදී ඉඉන්න බලාපොරොත්තු වෙන බව තමයි අවසාන වශයෙන් කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14