මුහුද ගොඩ ගලයි.. ධීවර නිවාස මුහුදේ

වාර කන් සුළග වයඹ වෙරළ තීරය පුරා සක්‍රියවීමත් සමගම මේ වන විට බටහිර ඉරණවිල නව කොළණිය ගම්මානයේ වෙරළ තීරයේ ජීවත් වන ධීවර පවුල්වලට දැඩි ලෙසින් විපත් වලට මුහුණ දීමට සිදුව ඇති බව එම ප්‍රදේශයේ ජීවත් වන ධිවර ජනතාව පෙන්වා දෙති.

මුහුදට ලංව ස්ථිර නිවාස ඉදි කර ගෙන එම නිවෙස් වල වාසය කරණ ධීවරයින් මේ අනුව පෙන්වා දෙනුයේ මේ වන විට තමන් දැඩි ලෙසින් මුහුදු කෑමට මුහුණ දෙමින් සිටින බවත් මේ වන විට ඇතැමුන්ගේ වැසිකිළි මුහුද විසින් බිළි ගෙන ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

මෙම විපත්තියට මුහුණ දී සිටින සියළු පවුල් ජිවත් වනුයේ ඈත දියඹේ රස්සාවට ගොස් මසුන් මරා ගෙනය.වැඩි දෙනෙකු මුහුදු යාමට භාවිත කරණුයේ හබල් ගාමින් තනිවම මුහුදට ගෙන යන තෙප්පමකිනි. මෙම ධීවරයින්ගේ භාර්යාවන් තම නිවස අසල කුඩා කොටු ඉදි කර ගෙන ඌරන් හෝ කුකුළන් ඇති කරණු ලබති.ස්වයං රැකියාවක් සේ නිරත එම සතුන් දමා ඇති කොටු මේ වනව විට මුහුදට බිළිවි ඇති බවත් මේ නිසා තමන්ට රුපියල් පනස් දහසක පමණ අලාභයක් වි ඇති බව එක් ධීවර කාන්තාවක් පෙන්වා දුන්නාය. සමහරු විසින් ඉදි කර ගත් ස්ථිර වැසිකිළි පවා මුහුදට බිළි වි ඇති බවත් සමහරු පෙන්වා දුන්හ.

මුහුදේ සිටි මීටර් 100 ක් දුරට වෙරළෙහි කිසිදු ඉදි කිරිමක් නොකරණ ලෙසට එම කොටස දක්වමින් වෙරළ සංක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සලකුණු කණු සිටුවා ඇති අතර මේ වන විට මුහුදු කෑම නිසා එම කණු ආසන්නයටම මුහුද පැමිණ ඇති බව ද දැක ගත හැකි විය.

තොඩුවාව මෝය මේ ආසන්නයේ පිහිටි අතර ඊට දකුණු පසින් කළු ගල් යොදා වෙරළ ඛාදනය මෙල්ල කිරිමට පියවර ගෙන ඇති ආකාරයට ගම වෙරළ තීරයට ද කළු ගල් වැටියක් දමන ලෙස මෙම ධිවරයින් වගකිව යුතු අංශ වෙතින් ඉල්ලිම් කර ඇතත් මේ දක්වා ඊට නිසි ප්‍රතිචාර ලැබී නැති බව මෙහි ධීවරයෝ පෙන්වා දුන්හ.

බටහිර ඉරණවිල වෙරළ තීීරයේ සිදු වෙමින් පවතින මුහුදු කෑම සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ දි ඉරණවිල මිසම් සේවක පීටර් බෝතේජු පියතුමා මෙසේ කීහ.

2017 වසරේදි මුලින්ම මෙම මුහුදු කෑම ආරම්භ වු අවස්ථාවේ ජනතාව මේ සම්බබන්ධධයෙන් සිදු කළ දැනුම් දිම අනුව අපි මේ සම්බන්ධයෙන් වගකිව යුතු සියළු දෙනා වෙත මේපිළිබදව දැනුවත් කළා. නමුත් නිසි ප්‍රතිඵල ලැබුනේ නැහැ. මුහුදු කෑම තාවකාලිකව නතර කරන්න ජනතාව සමග එකතුව අපි වැලි කොට්ටා යෙදු අතර මේ වන විට එම වැලි කොට්ට පවා මුහුදට ගසා ගෙන ගිහින්.දැන් යළි මුහුදු කෑම දරුණු ලෙසින් සක්‍රිය වි ඇත. වරාය නගර ඉදි කිරිම් ආරම්භ කරණ විට පරිසර වේදින් පෙන්වා දුන් එම ඉදි කිරිම් වල සිට උතුරු දෙසට මුතු පංතිය ධීවර ගම්මානය දක්වා මුහුදු කෑම නිසා විශාල හානියක් වේ කියා. ඒ අනුවම දැන් මුහුදු කෑම දරුණු ලෙසින් සිදු වනවා. එසේ නම් මේ වරාය නගර ව්‍යාපෘතිය නිසා සිදු නොවන බව අපට කියන්න බැහැ. වහාම තොඩුවාව මෝයෙන් උතුරු වෙරළ රැක ගන්න ගල් වැටි දැමීය යුතුයි. අපට ඒ සදහා මැදිහත් වන් බැහැ. ජනතා දුක බලමින් ඉන්නත් බැහැ.

ඉරණවිල ගම්මානය අයත් මහවැව ප්‍රාදේශීය ලේකම් නදීශා හේරත් මහත්මියගෙන් මේ සම්බන්ධව විමසු අවස්ථාවේ දි ලේකම්වරිය මෙසේ කිවාය.

ඉරණවිල බටහිර ගම්මානයේ මේ වන විට සක්‍රියව ඇති මුහුදු කෑම සම්බන්ධයෙන් දැනුවත් කිරිම් රැසක් මා වෙත ලැබී ඇත. නමුත් ප්‍රශ්ණය වන්නේ මේ වන විට අපට ලැබි ඇති මුදල් ප්‍රමාණණය අවසන් වි ඇති නිසා මේ වසරතුළ කිසිදු පිළිතුරක් දිය නොහැකිවි තිබිමයි.ඒ වගේම මේ විපත සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවටද අප විසින් දැනුම් දි ඇති බව කියන කැමැතිය. ඊඊට පිළිතුරු සැපයීම ඔවුන්ගේ වගකීමක්.අනිවාරයයෙන්ම ලබන වසරේ මුදල් ප්‍රතිපාදන ලද සැණින් පිලියමක් යෙදිය හැකියි.

– හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිපතිට නීතිඥ මනෝජ්ගෙන් දැඩි චෝදනාවක් - නීතිපතිතුමෝ කැටයම් ක#පන්න ලෑස්ති වෙන්න එපා
07:40
Video thumbnail
අල්ලස් කොමිසම ඉදිරියේ නවතම තත්ත්වය මෙන්න - පොහොට්ටු ප්‍රබලයින් රැදී සිටින අයුරු
01:20
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
00:40
Video thumbnail
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
00:35
Video thumbnail
🔴Breaking News
01:26
Video thumbnail
නියත වශයෙන්ම 2029 නාමල් රාජපක්ෂව ජනපති කරනවා - පුළුවන් නම් ජනතාව එන එක නවත්තන්න
02:03
Video thumbnail
බාල ගල් අඟුරු මගඩිය ගැන කවුරුත් නොකී තොරතුරු රැසක් එළියට - ලැබුණයි කිව්ව ගල් අඟුරු ලැබිලා නෑ
04:10
Video thumbnail
කාලෙන් කාලෙට කරපු බලපුළුවන්කාරකම්වලට නිලධාරින්ටවත් කට අරින්න බෑ - ලාල්කාන්තගෙන් සැර කතාවක්
04:07
Video thumbnail
මේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ - අපිව මර්දනය කරන්න බෑ..ක්‍රියාත්මක වෙන්නේ යම් දඩයමක්
04:54
Video thumbnail
මහා මගඩිය පිටුපස ඉන්න මහ මොළකරු අනුර කුමාරද ? - අනුර නැත්තම් මේවා කෑවද ?
01:35