බඩල්කුඹුරෙන් හිස් කබලක් හමුවෙයි! වේල්ලවීදියේ තරුණියගේදැයි සැකයක්!

බඩල්කුඹුර ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී මිනිස් හිස් කබලක් සොයාගෙන තිබෙනවා.

මෙය හමු වී ඇත්තේ බඩල්කුඹුර – පස්සර ප්‍රධාන මාර්ගයේ අළුපොත ප්‍රදේශයේ, කිලෝමීටර් 11 කණුව ආසන්නයේ ඇති පාළු ඉඩමක තිබියදී යි.

(06) මෙම ස්ථානයේ මිනිස් හිස් කබලක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුව බඩල්කුඹුර පොලීසිය අදාළ ස්ථානයට ගොස් ඇති අතර මේවන විට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති බව සඳහන්.

හිස් කබල ප්‍රථමයෙන්ම දැක ඇක්කේ අදාළ ඉඩම ආසන්නයේ කොකෝවා කැඩීමට ගොස් ඇති වයස අවුරුදු 10ක දරුවෙකු විසින්.

පසුව එම දරුවා ඒ පිළිබදව සිය සොයුරියට පවසා ඇති අතර පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී ඇත්තේ ඇය විසින්.

මේවන විට පොලීසිය විසින් අදාළ පාර්ශවයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

හමු වූ හිස්කබල වැඩිදුර පරීක්ෂණ සදහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිත බව යි වාර්තා වන්නේ.

මේ අතර හිස්කබල හමුවූ ඉඩමෙහි ස්ථානීය පරීක්ෂණය මොණරාගල වැඩබලන මහේස්ත්‍රාත් සිසිර බණ්ඩාර මහතා විසින් අද (07) සිදුකරනු ලැබුවා.

ගමන් බෑගයක තිබූ හිස නොමැති කාන්තා මළ සිරුරක් පසුගිය මාර්තු මස පළමුවැනි දා කොළඹ, වේල්ලවීදිය ප්‍රදේශයෙන් හමු වුණු අතර පසුව අනාවරණය වූයේ අදාළ ඝාතනය සිදු කර ඇත්තේ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් බවට යි.

අදාළ කාන්තාව කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි අවිවාහක 30 හැවිරිදි තැනැත්තියක් බවට හඳුණාගත්තා.

එම සිදුවීම ආශ්‍රිත CCTV දර්ශනවල දී අදාළ පොලිස් නිලධාරියා බෑග කිහිපයක් රැගෙන ආකාරය පෙනුණු අතර එම එක් බෑගයක් තුළ ඇගේ හිස ඇතැයි පොලීසිය එවකට සැක කළා.

නමුත් ඇයගේ හිස මේවන තෙක් හමුවූයේ නැහැ.

බුත්තල පොලීසියට අනියුක්තව සේවය කළ අදාළ උප පොලිස් පරීක්ෂකවරයා පසුව සියදිවි නසාගෙන සිටිය දී හමු වූවා.

මෙම තත්ත්වයත් සමග බඩල්කුඹුර ප්‍රදේශයෙන් හමුවූ හිස්කබල අදාළ කාන්තාවගේ දැයි සැකයක් මතුව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43