මේක නීතිගත කරලා දුන්නම අර අහිංසක ගැහැණු අමාරුවේ වැටෙන්නේ නැහැ

ගණිකා වෘත්තිය නීතිගත කරනවාට තමන් කැමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන සඳහන් කර සිටිනවා.

මෙම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය තමන් කරන්නේ තම හෘද සාක්ෂිය අනුව බවත් කාන්තාවන් හැටියට ලිංගික වශයෙන් සූරාගෙන කෑමට ලක්වීමට තමන් විරුද්ධ බවයි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඇය ප්‍රකාශ කර සිටියේ.

‘මම පෞද්ගලිකව ගණිකා වෘත්තිය නීතිගත කරනවට කැමතියි. හේතුව මේ ලෝකෙ බුදු හාමුදුරුවන්ගේ කාලයේ ඉදන් ගණිකා වෘත්තිය තිබුණා… ලෝකයේ පැරණිම වෘත්තිය… මේක ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මං කරන්නේ හැබැයි මගේ මේ හෘද සාක්ෂියෙන් මං මේ කතා කරන්නේ…

අද මොකද කරන්නේ… ගනිකාව සූරා කන්නේ නැද්ද කියන්නකො… ත්‍රීවිල් එකේ ඉන්න මනුස්සයා සූරා කනවා… එහෙම නැත්නම් ඒක කරවන අය තැරැව් කාරයෝ සූරගෙන කනවා…

ඊට වැඩිය මම විශ්වාස කරනවා. තමන්ගේ කැමැත්තෙන් ඇඟ විකුණනවා නම්, මේක නීතිගත කරලා දුන්නම අර අහිංසක ගැහැණු අමාරුවෙ වැටෙන්නෙත් නැහැ… හිරගෙවල්වල යන්නෙත් නැහැ… දරු පවුලක් රැකගෙන ඉඳීවි. මං පැහැදිලිවම විශ්වාස කරනවා සූරා කෑම නතර කරන්න පුළුවන් කියල.

කාන්තාවක් හැටියට කාන්තාවක් ලිංගික වශයෙන් සූරාගෙන කන එකට මම විරුද්ධයි. මේ රටේ ආර්ථිකය හදන්න එම අයිතිවාසිකම් දෙන්න ඕනි කියලා නෙමෙයි මං මේ කියන්නේ.

කාන්තාවක් හැටියට ගමේ ඉන්න අහිංසක ගැහැණිය අසරණ උනහම ඒ ගැහැණිය ගිහිල්ලා විකුණල මිනිහෙක් රුපියල් දහදාහක් අරගෙන ඒ ගැහැණියට දාහක් දෙන එකට මම විරුද්ධයි’

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
46
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටැංකි රථකරුවක් ඉන්ධන බෙදාහැරීම නවත්වයිද ?..සාධනීය පිළිතුරක් නැති වුණොත් තීරණයක් ගන්නවා
05:23
Video thumbnail
කොටියෙකු නිසා හිමිනමක් අපවත් වූ සිද්ධිය ගැන කරුණු රැසක් එළියට.."ලෙනට අපහසුවෙන් බඩගාගෙන ගිහින්"
05:36
Video thumbnail
වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අතේ මාට්ටු
00:31
Video thumbnail
පොලිස් වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අතේ මාට්ටු..ෆුල් Search එකක් දෙන හැටි
00:53
Video thumbnail
ජනතාව දැන් ආණ්ඩුවට යුද ප්‍රකාශ කරලා තියෙන්නේ..සිංහල අලුත් අවුරුද්ද කන්න නෙවෙයි ලෙවකන්න වෙලා..
03:45
Video thumbnail
ත්‍රීවිල් රථයක පාපැදියක් ගැටී පාපැදිකරු එතනම එළොව යයි
00:35
Video thumbnail
අහිංසකයින්ට බදු ගහලා ඒකෙන් ඉන්ධන ගෙනත් විශාල ජාවාරමක් කළා..බොරුවෙන් රජ එක නවත්වන්න
04:03
Video thumbnail
ත්‍රීවිල් රථයක පාපැදියක් ගැටී පාපැදිකරු එතනම එළොව යයි..අනතුර CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:03
Video thumbnail
ලංකාවේ තෙල් ප්‍රශ්නෙටත් විසඳුම්..? සුබ පණිවිඩය මෙරටට රැගෙන ආ රුසියානු නි.ඇමති
01:28
Video thumbnail
අසීරු ඕනෑම අවස්ථාවකදී සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් බව රුසියානු නි. අමාත්‍ය කියයි
01:33