බඩු ගන්න ජනතාවට සල්ලි නැතිනම් අපට කරන්න දෙයක් නෑ..

ජනතාවගේ අතේ මුදල් නැති වීම ගැන තමන්ට කරන්නට දෙයක් නැතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මෙම තත්ත්වය ලංකාවට පමණක් නොව කොරෝනා වසංගතය නිසාම මුළු ලෝකය තුළම අනුගත වූ තත්ත්වයක් බව ද ඔහු කියා සිටියි.

භාණ්ඩ ලබා ගැනීමට ජනතාව අත මුදල් නැති බවට මාධ්‍යවේදියකු විසින් කළ විමසීමකදී ඔහු මෙසේ සඳහන් කළේය.

”ඒකට අපට කරන්න පුළුවන් දෙයක් නෑනෙ. මුළු ලෝකෙම නිෂ්පාදන ක්‍රියාවලිය නතර වුණොත්, ඒක තමයි අපි රටක් වැහුවොත් එදිනෙදා ජීවත් වෙන මනුස්සයාට කුලියක් මලියක් කරගන්න බැරිවුණොත් ආදායමක් නෑ. රාජ්‍ය සේවකයො පමණයි මේ රටේ ස්ථාවර වැටුප් ලබන්නෙ. අනිත් අතිමහත් බහුතර ජනතාව ඈත දියඹට ගිහිල්ලා මාළු අල්ලන් එන ධීවරයින්, ගොවිතැනක් බතක් කරන ගොවියෙක්, වඩු බාස්සුන්නැහේ කෙනෙක්, මේසන් බාස්සුන්නැහේ කෙනෙක්, කුලීමලී කරන කෙනෙක්, ජනතාව ජීවත් වෙන්නෙ ජීවිතයත් සමග අරගලයක් ජනතාව හැමදාම කරන්නෙ. ඉතිං ඒකට බාධාවෙලා තියෙනවා මේ කොවිඩ් – 19 වසංගතය. වසංගතය තුළ සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන, නීති එහෙම තත්වයක් ලෝක ඉතිහාසයේ මීට පෙර වෙලා නෑ කියලා මං කිව්වෙ ඒකයි. යුද්ධයක් තියෙනකොට, වසංගතයක් තියෙනකොට එවැනි දෙයක් ලෝකෙ ඇතිවෙනවා. ඒක ලංකාවට විතරක් තියෙන තත්වයක් නෙවෙයි, මුළු ලෝකෙටම පොදු තත්වයක්”

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?