පාර්ලිමේන්තු සෙංකෝලයට හානි! වහාම අනුරුවක් හදන්න නියෝගයක්

පාර්ලිමේන්තු සෙංකෝලයට හානි සිදු වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරන්නේ එය සුළු හානියක් බව යි.

සෙංකෝලයේ කඩතොලු කිහිපයක් මෙලෙස නිරීක්ෂණය කර ඇති බව යි ඒ මහතා සඳහන් කරන්නේ.

පාර්ලිමේන්තුව තුළ පසුගිය කාලයේ ඇති වූ විවිධ සිදුවීම්වලදී මෙම හානි සිදුවන්නට ඇති බව තමන් විශ්වාස කරන බව ද වේත්‍රධාරීවරයා පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් සෙංකෝලයට සිදුව ඇති මෙම හානි මෙරටදී පිළිසකර කිරීමේ හැකියාවක් නොමැති බව ඔහු අනාවරණ කරනවා.

සෙංකෝලය පිළිසකර කරන්නේ නම් එංගලන්තයේ මවු සමාගමට යැවිය යුතු බව යි ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ.

මෙම හානි බැලූ බැල්මට බාහිරට නිරීක්ෂණය නොවන බව ද නරේන්ද්‍ර ප්‍රනාන්දු වේත්‍රධාරීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර වේත්‍රධාරිවරයා පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවට පසුගිය දා උපදෙස් ලබා දී ඇත්තේ සෙංකෝලයේ අනුරුවක් දැවයෙන් සකස් කර පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රදර්ශනය කිරීම සඳහා කටයුතු සලස්වන ලෙස යි.

සෙංකෝලය සභා ගැබේ තබා ඇති අවස්ථාවල පාසල් දරුවන් ඇතුළු පිරිස් වලට එය දුරින් දැක බලා ගැත හැකි වුවත් ළඟ සිට දැක බලා ගැනීමට අවස්ථාව සැලසීම සඳහා මෙලෙස අනුරුව සකස් කරන බව ප්‍රනාන්දු මහතා පෙන්වා දෙනවා.

සෙංකෝලය සැළකෙන්නේ මෙරට පාර්ලිමේන්තු බල අධිකාරියේ සංකේතය ලෙස යි.

පසුගිය කාලයේ පාර්ලිමේන්තු ගර්භය තුළ දී මහජන නියෝජිතයන් අතර විවිධ ගැටුම් සිදු වූ අතර ඇතැම් අවස්ථාවල දී සෙංකෝලය අනවසරයෙන් රැගෙන ගිය අවස්ථා ද වාර්තා වූවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා මගඩිය පිටුපස ඉන්න මහ මොළකරු අනුර කුමාරද ? - අනුර නැත්තම් මේවා කෑවද ?
01:35
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ සී.බී - ඇතුළට දාලා ඔයිට වැඩිය දේවල් කළා
01:47
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි
01:45
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා - මොහු දුටු තැන පොලිසියට දැනුම්දෙන්න
01:59
Video thumbnail
ඔයා ඔහොම Selfie ගහන එක වැරදියි නේද ?කවද්ද අපි කෙඳිරිගෑවේ ?කවුද කෙඳිරිගෑවේ ?
02:00
Video thumbnail
නාමල්ව ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගේනවා - නාමල්ව ඇතුළට දානවා කියලා ගමට මැසේජ් යවලා
01:58
Video thumbnail
"අද නාමල්ව ඇරස්ට් කරපු ගමන් රතිඤ්ඤා දාලා බැනර් ගහන්න කියලා"
00:22