රජය නව චක්‍රලේඛයක් නිකුත් කරයි

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුපෙන් අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා මුදලක් අය කර ගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එම චක්‍රලේඛය අනුව විශ්‍රාම වැටුපෙන් මුදල් අයකර ගැනීමට විරුද්ධ පුද්ගලයින් ලබන 12 වැනිදාට පෙර ලිඛිතව සිය අකමැත්ත දැන්විය යුතුයි.

විශ්‍රාමික රාජ්‍ය සේවකයින් සඳහා ක්‍රියාත්මක අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා විශ්‍රාමිකයන්ගේ වැටුපෙන් මුදලක් අයකර ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව 2016 ජනවාරි මස පළමු වැනිදාට පෙර විශ්‍රාම ලැබූ සියලුම රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුපෙන් මුදලක් මෙම රක්ෂණාවරණය සඳහා යොදා ගැනීමට යෝජනා කරමින් අදාළ චක්‍රලේඛ්‍ය පසුගිය ඔක්තෝබර් මස 29 වැනිදා රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්
ජේ.ජේ රත්නසිරි මහතා විසින් නිකුත් කර තිබෙනවා.

එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ වයස අවුරුදු 70ට වැඩි විශ්‍රාමිකයකුගේ වැටුපෙන් රුපියල් 600ක්, සහ වයස අවුරුදු 70ට අඩු විශ්‍රාමිකයකුගේ වැටුපෙන් රුපියල් 400ක් මෙම රක්ෂණාවරණය සඳහා අයකර ගන්නා බවයි.

කෙසේ වෙතත් මෙම යෝජනා ක්‍රමයට තම වැටුපෙන් මුදල් අයකර ගැනීමට එකඟ නොවන විශ්‍රාමිකයින් ලබන 12 වැනිදාට පෙර තම අකමැත්ත විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව දැන්විය යුතු වනවා.

එම කාලය තුලදී ඒ සඳහා ප්‍රතිචාර නොදක්වන පුද්ගලයින්ගේ විශ්‍රාම වැටුපෙන් අදාළ යෝජනා ක්‍රමයට එකඟ බව සළකා අදාළ අය කර ගැනීම සිදුකර ගනු ඇති.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ පසුව එම මනාපය ඉවත් කර ගැනීමට අවස්ථාවක් නොමැති බවයි.

මෙහිදී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තුවේ www.pensions.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස public service යටතේ දක්වා ඇති මනාප ප්‍රකාශ කිරීමේ ක්‍රමය භාවිත කර විශ්‍රාමිකයාගේ ජංගම දුරකථනයට ලැබෙන OTP අංකයෙන් අකමැති නම් භද ලෙස ඇතුළත් කර පිළිතුර ලබාදීමේ හැකියාව පවතිනවා.

මෙම අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ ලෙස පුද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමේදී වසරකට රුපියල් 120,000ක මුදලක් හිමිවනවා.

රජයේ රෝහලක ප්‍රතිකාර ලබන්නේනම් එහිදී උපරිම දින 10ක් සඳහා දිනකට රුපියල් 500 බැගින් වසරකට උපරිම දින 20කට යටත්ව රුපියල් 10,000ක් ලබා දීමට නියමිතයි.

ඊට අමතරව රජයේ රෝහලක ප්‍රතිකාර ලබන පුද්ගලයකුට වසරකට ඖෂධ වියදම් සඳහා රුපියල් 50,000ක් සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා රුපියල් 20,000ක් හිමි වනවා.

කෙසේ වෙතත් විපක්ෂනායකවරයා මෙම යෝජනා ක්‍රමයට දැඩි අප්‍රසාදය පල කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?