රජය නව චක්‍රලේඛයක් නිකුත් කරයි

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුපෙන් අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා මුදලක් අය කර ගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එම චක්‍රලේඛය අනුව විශ්‍රාම වැටුපෙන් මුදල් අයකර ගැනීමට විරුද්ධ පුද්ගලයින් ලබන 12 වැනිදාට පෙර ලිඛිතව සිය අකමැත්ත දැන්විය යුතුයි.

විශ්‍රාමික රාජ්‍ය සේවකයින් සඳහා ක්‍රියාත්මක අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා විශ්‍රාමිකයන්ගේ වැටුපෙන් මුදලක් අයකර ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව 2016 ජනවාරි මස පළමු වැනිදාට පෙර විශ්‍රාම ලැබූ සියලුම රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුපෙන් මුදලක් මෙම රක්ෂණාවරණය සඳහා යොදා ගැනීමට යෝජනා කරමින් අදාළ චක්‍රලේඛ්‍ය පසුගිය ඔක්තෝබර් මස 29 වැනිදා රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්
ජේ.ජේ රත්නසිරි මහතා විසින් නිකුත් කර තිබෙනවා.

එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ වයස අවුරුදු 70ට වැඩි විශ්‍රාමිකයකුගේ වැටුපෙන් රුපියල් 600ක්, සහ වයස අවුරුදු 70ට අඩු විශ්‍රාමිකයකුගේ වැටුපෙන් රුපියල් 400ක් මෙම රක්ෂණාවරණය සඳහා අයකර ගන්නා බවයි.

කෙසේ වෙතත් මෙම යෝජනා ක්‍රමයට තම වැටුපෙන් මුදල් අයකර ගැනීමට එකඟ නොවන විශ්‍රාමිකයින් ලබන 12 වැනිදාට පෙර තම අකමැත්ත විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව දැන්විය යුතු වනවා.

එම කාලය තුලදී ඒ සඳහා ප්‍රතිචාර නොදක්වන පුද්ගලයින්ගේ විශ්‍රාම වැටුපෙන් අදාළ යෝජනා ක්‍රමයට එකඟ බව සළකා අදාළ අය කර ගැනීම සිදුකර ගනු ඇති.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ පසුව එම මනාපය ඉවත් කර ගැනීමට අවස්ථාවක් නොමැති බවයි.

මෙහිදී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තුවේ www.pensions.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස public service යටතේ දක්වා ඇති මනාප ප්‍රකාශ කිරීමේ ක්‍රමය භාවිත කර විශ්‍රාමිකයාගේ ජංගම දුරකථනයට ලැබෙන OTP අංකයෙන් අකමැති නම් භද ලෙස ඇතුළත් කර පිළිතුර ලබාදීමේ හැකියාව පවතිනවා.

මෙම අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ ලෙස පුද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමේදී වසරකට රුපියල් 120,000ක මුදලක් හිමිවනවා.

රජයේ රෝහලක ප්‍රතිකාර ලබන්නේනම් එහිදී උපරිම දින 10ක් සඳහා දිනකට රුපියල් 500 බැගින් වසරකට උපරිම දින 20කට යටත්ව රුපියල් 10,000ක් ලබා දීමට නියමිතයි.

ඊට අමතරව රජයේ රෝහලක ප්‍රතිකාර ලබන පුද්ගලයකුට වසරකට ඖෂධ වියදම් සඳහා රුපියල් 50,000ක් සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා රුපියල් 20,000ක් හිමි වනවා.

කෙසේ වෙතත් විපක්ෂනායකවරයා මෙම යෝජනා ක්‍රමයට දැඩි අප්‍රසාදය පල කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.08
00:00
Video thumbnail
මීගමුවේ රැඳවියන් 60 දෙනෙක් මඩකලපුවට මාරු කරලා යවයි
01:23
Video thumbnail
බන්ධනාගාර ගැටුමෙන් ජීවිතය අහිමි වුණු නිලධාරීන් දේහය වැලිකඩට
03:13
Video thumbnail
ලෝක කුසලාන පහස නොවිදම කදුළු සලමින් පිටියට සමුදුන් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ - උණුසුම්වන ෆිෆා තරඟය
01:48
Video thumbnail
හිරේ ඉන්න අය ආරක්ෂා කරන්නේ දේශපාලන චරිත සම්බන්ධවෙලා - කළු ආර්ථිකයක් තියෙනවා
05:57
Video thumbnail
රතනපුර පොලිසිය භූමිතෙල් යොදා ධාවනය වන බස් සේරම වටලයි - උඹලා බාගෙට දාලා ගහන්නේ ඇයි ?ගඳ එනවනේ පුතා
10:28
Video thumbnail
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට මුල්ගල් තබයි - සිරකරුවන් ගැන කිව්ව සුපිරි කතාව
12:21
Video thumbnail
චාමර සම්පත් කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා
00:47
Video thumbnail
නිලධාරින් ඇතුළට වෙ#ඩි තිබ්බ හේතුව කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි
01:26
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
00:59