සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී කහටගස්දිගිලියේ උණුසුම් තත්වයක්

හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසියට බාධා කළ කාන්තාවන් ඇතුලු 9 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඊයේ (06) දහවල් මෙය සිදුව ඇත්තේ කහටගස්දිගිලිය තුරුක්කුරාගම ප්‍රදේශයේදීයි.

ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් වැටලීමක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 27ක් සමග 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔහු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් සැකකරු මුදා ගැනීමට පිරිසක් පැමිණ ඇති අතර ඔවුන් වැටලීමට ගිය නිලධාරීන්ට විරෝධය පළකර පහරදී ඇති බවයි පොලිසිය කියාසිටියේ. 

අනතුරුව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පැමිණ හෙරොයින් සම්බන්ධ සැකකරු සහ විරෝධය පළකර පහරදීමට සම්බන්ධ සැකකරුවන් 3ක් සහ සැකකාරියන් 6ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පහරකෑමට ලක්වූ පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය කියාසිටියේ. 

හෙරොයින් සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙක් වන අතර පහරදීමට අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 16ත් 68ත් අතර වයස්වල පසුවන පිරිසක්. 

සැකකරුවන් සහ සැකකාරියන් අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කහටගස්දිගිලිය පොලිසිය පරීක්ෂණ  සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:22
Video thumbnail
ජනාධිපතිතුමා ස්පීකරයක් බැඳගෙන පරණ බොරු ටික කියන්න ගම්වලට යනවා
10:53
Video thumbnail
ගංජා වගාවක් STF නිලධාරීන් වටලා සියල්ල ගිනි තබා විනාශ කරයි
00:55
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි - විලි ලැජ්ජයි..ඇයි මෙහෙම වෙන්නේ ?
02:06
Video thumbnail
මේ රජයේ කුමන්ත්‍රණය අපි මහ පොළොවට බැහැලා පරාජය කරනවා
09:31
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49