AFC Banner
Empty Ad
Empty Ad

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී කහටගස්දිගිලියේ උණුසුම් තත්වයක්

හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසියට බාධා කළ කාන්තාවන් ඇතුලු 9 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඊයේ (06) දහවල් මෙය සිදුව ඇත්තේ කහටගස්දිගිලිය තුරුක්කුරාගම ප්‍රදේශයේදීයි.

ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් වැටලීමක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 27ක් සමග 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔහු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් සැකකරු මුදා ගැනීමට පිරිසක් පැමිණ ඇති අතර ඔවුන් වැටලීමට ගිය නිලධාරීන්ට විරෝධය පළකර පහරදී ඇති බවයි පොලිසිය කියාසිටියේ. 

අනතුරුව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පැමිණ හෙරොයින් සම්බන්ධ සැකකරු සහ විරෝධය පළකර පහරදීමට සම්බන්ධ සැකකරුවන් 3ක් සහ සැකකාරියන් 6ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පහරකෑමට ලක්වූ පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය කියාසිටියේ. 

හෙරොයින් සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙක් වන අතර පහරදීමට අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 16ත් 68ත් අතර වයස්වල පසුවන පිරිසක්. 

සැකකරුවන් සහ සැකකාරියන් අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කහටගස්දිගිලිය පොලිසිය පරීක්ෂණ  සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?