ඉදිරි මාස කිහිපය ගැන අසුබ පුවතක්

ඉදිරි මාස කිහිපය තුළ මෙරට භාණ්ඩ මිල ගණන් ඉහළ යාමේ වේගය හෙවත් උද්ධමනය වැඩි විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් ඉහළ යාම නිසා මෙම තත්ත්වය හටගනු ඇති බවට යි ඔහු පෙන්වා දෙන්නේ.

කබ්රාල් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ පසුගිය මාස කිහිපය තුළ 6%ත්  7%ත් අතර පැවැති උද්ධමන අනුපාතය ඉදිරි මාස කිහිපය තුළ 8.5%ක් පමණ තෙක් ඉහළ යා හැකි යයි අනුමාන කරන බවයි.

කෙසේ වෙතත් ලබන වසරේ මුල් කාර්තුව වනවිට උද්ධමන අනුපාතය 4%ත් 6%ත් අතර මට්ටමට අඩුවිය හැකි බව ද ඔහු පවසනවා.

මේ බව මහබැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව තමන් වෙත මේ බව වාර්තා කර ඇති බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.

මේ අතර මහබැංකුව විසින් නිතිපතා භාණ්ඩාගාර බිල්පත් මගින් රජයට ලබාදෙන මුදල් ප්‍රමාණය අඩු වී ඇති බව ද කබ්රාල් මහතා අනාවරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?