තෙල් සංස්ථාවේ සේවකයන්ට හදිස්සියේ පෑදුණ ඉල්ලම

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ට නත්තල් ප්‍රසාද දීමනා (බෝනස්) ලබාදීම සඳහා රුපියල් කෝටි හැටක් පමණ මුදලක් ලබා ගැනීමට ඉදිරි සතියේ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

සෑම මසකම සේවක අතිකාල දීමනා සඳහා පමණක් රුපියල් කෝටි විසි පහක් පමණ වැය කරන බවද සංස්ථාව අධික වශයෙන් පාඩු ලබද්දී මෙවැනි විශාල මුදලක් ප්‍රසාද දීමනා ලෙස ගෙවීම ගැටලුවක් බවද සංස්ථා ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ හයදහසකට වැඩි සේවකයන් සංඛ්‍යාවක් සිටිති. සෑම වසරකම අප්‍රේල් , අගෝස්තු සහ දෙසැම්බර් යන මාසවලදී බෝනස් තුනක් ලබා දෙන අතර කනිෂ්ඨ සේවකයෙකුට අවම වශයෙන් රුපියල් ලක්ෂයක ප්‍රසාද දීමනාවක් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට උපරිම වශයෙන් රුපියල් ලක්ෂ තුනකට ආසන්න ප්‍රසාද දීමනාවක්ද එක වරකට හිමිවෙයි.

කොරෝනා ව්‍යාප්තිය නිසා බොහෝ සේවකයන් පිරිසක් පසුගිය කාලයේ නිවෙස්වල සිටියද සේවකයන්ට ලැබෙන වෛද්‍ය නිවාඩු දින 21 ලබා නොගත් අයට විශේෂ වරප්‍රසාද දීමනාවක් ලෙස මසක වැටුපක් ලබාදෙයි. එහෙත් අගෝස්තු මස ප්‍රසාද දීමනාවද ඔවුන්ට ලබාදී ඇත.

අප මේ සම්බන්ධයෙන් ඛණිජ තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුගෙන් විමසීමක් කළ අතර ඔවුන් ප්‍රකාශ කළේ මෙම දීමනා අනිවාර්යයෙන්ම සේවකයන්ට ගෙවිය යුතු වියදම් සේ සැලකෙන බවය. එම නිසා දෙසැම්බරයේ ප්‍රසාද දීමනාද සේවකයන්ට ගෙවීමට සිදුවන බව පැවැසූහ.

ප්‍රසාද දීමනා සඳහා සෑම වසරකදීම මුදල් වෙන් කරන බවද වැටුප් සහ දීමනා ඇතුළු සංස්ථාවේ පුනරුත්ථාපන වියදම් සඳහා සෑම තෙල් ලීටරයකින්ම රුපියල් එකයි සත පනහක් වෙන් කරන බවද එම නිලධාරීන් සඳහන් කළහ. නිතර තෙල් සමග කටයුතු කරන ඛනිජ තෙල් සේවකයන් මෙවැනි දීමනා ලබන්නේ ඉතා අවදානම් සහගත රාජකාරියක් කරමින් බවත් ඇතැමුන් විශ්‍රාම ගිය පසු අවුරුදු පහකට වඩා ජීවත් නොවන බවද කී ඔවුන් විශ්‍රාමික වයසට පැමිණීමේදී සේවකයන් බොහෝ පිරිසක් පිළිකාව හා ශ්වසන ආබාධවලට මෙන්ම චර්ම රෝගවලට ගොදුරු වන බවද පැවැසුවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?