සියල්ලන් මවිත කරමින් අස්ථානගත වූ කතරගම දේවාලයට භාරදුන් රන් තැටිය අවසානයේ හමුවූ තැන මෙන්න

අස්ථානගත වී යළි රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේවරයාට භාරදුන් තැටිය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසය සූදානම් වනවා.බැතිමතෙකු විසින් පවුම් 38ක් පමණ බරැති රන් තැටියක් දේවාලය වෙත පූජා කර තිබූ අතර, එය, අතුරුදන්ව ඇති බවට රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර වෙත පුද්ගලයෙකු දැනුම්දී තිබුණේ සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් යොමු කරමින්.

ඉන් අනතුරුව බස්නායක නිලමේවරයා විසින් පොලිස්පතිවරයා වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබූ අතර, ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය හරහා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

කෙසේ වෙතත් පසුගිය 28 වැනි දා අදාළ රන් තැටිය බව පවසමින්, දේවාලයේ ගබඩා භාරකරුගේ සහෝදරයෙකු බව කියන පුද්ගලයෙකු විසින් නැවතත් එය, දේවාලයට භාරදුන් බවයි රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර සඳහන් කළේ.

අදාළ පුද්ගලයා එය භාර දී තිබුණේ එම දේවාලයේ ප්‍රධාන කපු මහතා ලෙස කටයුතු කරන සොමිපාල ටී. රත්නායකගේ නිවසේ තිබූ බවට සඳහන් කරමින්.

පසුගිය 2019 වසරේදී අදාළ රන් තැටිය රුහුණු කතරගම මහා දේවාලයට ප්‍රදානය කර ඇති බවටයි වාර්තාවන්නේ.

එමෙන්ම එම ප්‍රදානය සිදු කළ බව කියන මාසයේ දේවාලයේ කපු මහතා ලෙස කටයුතු කර ඇත්තේ සොමිපාල ටී. රත්නායක බව සඳහන්.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තමන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සොමිපාල ටී රත්නායක කියා සිටියා.

විහාර දේවාලගම් පනතට අනුව මෙවැනි ප්‍රදානයක් සිදු කිරීමේදී ඒ පිළිබඳව තොරතුරු භාණ්ඩ ලේඛනයට ඇතුළත් කිරීම අනිවාර්ය බව රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර කියා සිටියා.

කෙසේ නමුත් එම රන් තැටිය දේවාලයට පූජා කළ දායකයා පිළිබඳව කිසිදු තොරතුරක් මේ දක්වා සොයාගැනීමට නොහැකි බව කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ කළා.

එමෙන්ම අදාළ රන් තැටිය සම්බන්ධයෙන් දේවාලයේ භාණ්ඩ ලේඛනයට ඇතුළත් කර නොමැති බවයි මෙතෙක් සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.කෙසේ වෙතත් කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ යළි භාරදුන් තැටිය අදාළ රන් තැටියමද යන්න සහ එහි බර සහ රත්‍රං සම්බන්ධයෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හරහා විමර්ශනයක් සිදු කරන බවයි.

සසැදි පුවත – කතරගම දේවාලයට හොරු පනී! පවුම් 38ක රන් තැටියක් අරන් ගිහින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.08
00:00
Video thumbnail
මීගමුවේ රැඳවියන් 60 දෙනෙක් මඩකලපුවට මාරු කරලා යවයි
01:23
Video thumbnail
බන්ධනාගාර ගැටුමෙන් ජීවිතය අහිමි වුණු නිලධාරීන් දේහය වැලිකඩට
03:13
Video thumbnail
ලෝක කුසලාන පහස නොවිදම කදුළු සලමින් පිටියට සමුදුන් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ - උණුසුම්වන ෆිෆා තරඟය
01:48
Video thumbnail
හිරේ ඉන්න අය ආරක්ෂා කරන්නේ දේශපාලන චරිත සම්බන්ධවෙලා - කළු ආර්ථිකයක් තියෙනවා
05:57
Video thumbnail
රතනපුර පොලිසිය භූමිතෙල් යොදා ධාවනය වන බස් සේරම වටලයි - උඹලා බාගෙට දාලා ගහන්නේ ඇයි ?ගඳ එනවනේ පුතා
10:28
Video thumbnail
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට මුල්ගල් තබයි - සිරකරුවන් ගැන කිව්ව සුපිරි කතාව
12:21
Video thumbnail
චාමර සම්පත් කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා
00:47
Video thumbnail
නිලධාරින් ඇතුළට වෙ#ඩි තිබ්බ හේතුව කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි
01:26
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
00:59