කඨින පූජෝත්සවවලදී ” මැණිකේ මගේ හිතේ” ගායනා කලහොත් වැඩ වරදී

කඨින පූජෝත්සවවලදී සහ වෙනත් ආගමික උත්සවවලදී ආගමික ස්ථානයකට උචිත ගීත පමණක් වාදනය කරන්නැයි බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය දැනුම්දී ඇත.

ආගමික ස්ථානවල පූජනීයත්වය ආරක්ෂා වන ආකාරයට කටයුතු කරන්නැයිද උපදෙස්දී ඇත.

ඇතැම් කඨින උත්සවලදී ආගමික උත්සවවලට උචිත නැති ගීත වාදනය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවලින් විවිධ විවේචන එල්ල වීම සැලකිල්ලට ගෙන අමාත්‍යාංශය මෙම දැනුම්දීම කර
ඇත.

එසේම කඨින පූජෝත්සව සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගතව පැවැත්විය යුතු බවද අමාත්‍යාංශය දැනුම් දෙයි .

පූජනීය ස්ථානවල භක්ති ගීත ප්‍රචාරය කිරීමේ දී හා පෙරහැර සංවිධානය කිරීමේ දී වර්තමානයේ පවතින ජනප්‍රිය ගීත නොව ආගමික පසුබිමක් පවතින, ආගමික ස්ථානයකට උචිත ගීත පමණක් භාවිත කරමින් ආගමික ස්ථානයේ පූජනීයත්වය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බවද අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම්දී ඇත.

බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් උපදෙස් නිකුත් කිරීමට සිදුවූ ආසන්නතම හේතුව වන්නේ කඨින පූජෝත්සවයකදී නව පරපුරේ ගායිකාවක් වන යෝහානි ද සිල්වා විසින් ගායනා කරන ලද ” මැණිකේ මගේ හිතේ” ගීතයේ සංගීතමය අනුවාදයක් වාදනය කිරීමේ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාල තුල හුවමරුවිමත් සමගයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.
01:33
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි
01:43
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ
01:49
Video thumbnail
හිරේ දාන්න යනවා කියලා නාමල්ට ඕන රැස්වීමට සෙනඟ අද්දවගන්න - ආණ්ඩුව නෙවෙයි පච ගැහුවේ
02:44
Video thumbnail
නඩු ටික මතක තියාගෙන රැස්වීම් කරගෙන යන්න - නලින්දගෙන් සැර කතාවක්
02:58
Video thumbnail
ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වන්න ආ ටිල්වින් සිල්වා - ටිල්වින් - දිල්හානි එක්ක කිව්ව දේ
00:53
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ - "අනේ එන්නකෝ පුතේ යන්න ගෙදර"
05:03
Video thumbnail
සමුගත් ප්‍රියංකර ගැන කලාකරුවන් තැබූ සංවේදී සටහන් - අන්තිම මොහොතේ හරි මුහුණ දකින්න පුළුවන් වුණා
01:22
Video thumbnail
22 ගැන පෙත්සම් විභාගය අවසන්වී අජිත් එළියට ඇවිත් සැරවෙයි - "මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්"
02:54
Video thumbnail
රංගන ශිල්පී සංගීතා, සංවේදීවී ප්‍රියංකර ගැන කියූ දේ - වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න
01:09