පාසල් දෙකක සිසුන් පිරිසකට කොරෝනා

තිස්සමහාරාම ප්‍රදේශයේ පාසල් දෙකක දරුවන් පස්දෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් පන්ති කිහිපයක් වසා දැමීමට පියවර ගත් බව තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙහි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර විජේමුණි පැවසීය.

තිස්සමහාරාම, දෙබරවැව ජනාධිපති කනිෂ්ඨ විද්‍යාලයෙහි දරුවන් තිදෙනකුට, තිස්සමහාරාම ඇල්ලගල ප්‍රාථමික විද්‍යාලයෙහි දරුවන් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා එලෙස පන්ති වසා දැමීමට පියවර ගෙන තිබේ.

වයිරසය ශරීරගත වූ දරුවන් හඳුනා ගැනීම සඳහා මේ වනවිට එම පාසලෙහි දරුවන්ගේ පීසීආර් පරීක්ෂණ සිදු කෙරෙන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

තිස්සමහාරාම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 18ක් තුළ මේ දිනවල පැතිරී යන කොරෝනා වයිරසය ආසාදිත වූවන් සංඛ්‍යාව සති දෙකක් තුළ 233 දක්වා ඉහළ ගොස් ඇති බවද ඔහු කීවේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18