වැලිසර බිහිසුණු අනතුරේ අතුරු කතාව

“මම වාහනය සෝදලා තිබ්බේ. මම නාන වේලාවේ තමයි මෙයා වාහනය අරන් ඇවිත් තියෙන්නේ.” එසේ පැවසුවේ ඊයේ (04) පෙරවරුවේ වැලිසර සුසාන භූමිය ඉදිරිපිට සිදුවූ බිහිසුණු අනතුරට හේතුවූ සුඛෝපභෝගී රථය පැදවූ 16 හැවිරිදි පිරිමි ළමයාගේ පියා.

එම රිය අනතුරෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබූ අතර තවත් සිව් දෙනෙක් තුවාල ලැබුවා.

අනතුරින් තුවාල ලැබූ අය ව රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන්.

කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ වැලිසර සුසාන භූමිය ආසන්නයේදී අද පෙරවරු 9.00ට පමණ මෙම අනතුර සිදුව තිබුණා.

කොළඹ සිට මීගමුව දෙසට ධාවනය වූ අධි සුඛෝපභෝගී රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ප්‍රතිවිරුද්ධ දිසාවට ධාවනය වූ යතුරුපැදි දෙකක, ත්‍රීරෝද රථයක සහ මෝටර් රථයක ගැටී තිබෙනවා.

අනතුරට පත් ත්‍රීරෝද රථයේ රියදුරා එය විස්තර කරමින් පැවසුවේ,

“මම ආවේ මෙහෙ ඉදන්. මම විතරයි ආවේ. ඊට පස්සෙ මෙහෙන් ආපු කාර් එක, ඔය කළු කාර් එක. ඔහෙන් කඩාගෙන බිඳගෙන ඇවිල්ලා අර ගැට්ට නැගගෙන ඇවිල්ලා හැප්පුනා සුදු කාර් එකේ.”

පොලීසිය – එතකොට ඔයාට ඉස්සරහින්ද මේ කාර් එක ආවේ ?

අනතුරට පත් ත්‍රීරෝද රථයේ රියදුරු – ඔව් කාර් එක මට ඉස්සරහින් ආවේ. එතකොට බයික් දෙක තුනක්ම හැප්පිලා මගේ ඇවිල්ලා බයික් ටික හැප්පුනා. මාව මේ පැත්තට වැටුණා.

පොලීසිය – එතකොට බයිසිකල්වල ආපු කට්ටිය ?

අනතුරට පත් ත්‍රීරෝද රථයේ රියදුරු – බයිසිකල්වල ආපු කට්ටිය ගෙනිච්චා දැන්.

පොලීසිය – කීදෙනෙක් ආවද බයිසිකල්වල ?

අනතුරට පත් ත්‍රීරෝද රථයේ රියදුරු – බසිකල් දෙකේ දෙන්නෙක් ආවා.

පොලීසිය – අර දෙන්නා යටකරන් ඇවිත් තමයි කාර් එකේ හැප්පුනේ ?

අනතුරට පත් ත්‍රීරෝද රථයේ රියදුරු – ඔව් ඔව් සුදු කාර් එක ගැප්පිලා යට වුණා අර දෙකට. ඔක්කොම එක ගොඩේ හැප්පුනේ හරියට හොයාගන්න බැහැ.

වේගය පාලනය කරගැනීමට නොහැකිව අනතුර සිදුව ඇති බවට මූලික පරීක්ෂණවලදි අනාවරණ වී තිබුණා.

ළමයාගේ තාත්තා – “වාහනය හෝදලා තියලා මම නානවා. නාන වෙලාවේ තමයි මේක මේ පැදගෙන ඇවිති තියෙන්නේ. 9.30 මම කොළඹ යන්න ඕනේ. “

ප්‍රශ්නය – ළමයාට මොකද දැන් ?

ළමයාගේ තාත්තා – ළමයා පොලීසියෙන් අරගෙන ගිහින්

ප්‍රශ්නය – ළමයා එකක් කව්ද ඒ හිටියේ ?

අනතුර සිදුකළ ළමයාගේ තාත්තා – එයාගේ අක්කා එක්ක.

ප්‍රශ්නය – කොහෙද ගිහින් තියෙන්නේ ?

ළමයාගේ තාත්තා – මේ කොහේවත් ගමනක් ගිහිල්ලා නෙමෙයි ඔය නිකන් අරගෙන ඇවිත්.

ළමයාගේ තාත්තා හඩමින් කියා සිටියේ, ප්‍රශ්නේ යන්නෙ දෙමාපියන්ට. අපි වරදවල් කරන්නේ නැහැ. පණ වාගේ බලනවා. එතකොට කවුරු හරි මැරුණොත් වගකියන්නේ කවුද කියන්න කෝ ?

ළමයාගේ මව – අපි එන දේකට මුහුණ දෙමු.

එම ස්ථානයේ සිටි පුද්ගලයෙක් – අපි එද්දි මෙතව එක්කෙනෙක් වැටිලා හිටියා. එයාගේ ගොඩක් ඔළුව පැළිලා තිබුණා. බයික් එකේ ආපු එක්නෙක්ගේ. බයික් එකේ පිටිපස්සේ හිටපු කෙනාගේ කකුල් කැඩිලා තිබුණා. කාර් එක් හිටපු කෙනා වයසක කෙනෙක් එයාටත් අමාරුයි.

ප්‍රශ්නය – කාර් එකේ කීදෙනෙක් හිටියාද ?

එතන සිටි පුද්ගලයෙක් – කාර් එකේ එක්කෙනායි. ජීප් එකේ දෙන්නෙක් හිටියා. කෙල්ලෙකුයි කොල්ලයි.

ප්‍රශ්නය – ජීප් එකේ ආපු අයට අමාරුවක් නැහැ ?

එතන සිටි පුද්ගලයෙක් – ඒ අයට නැහැ.

අනතුරුව රථය පදවා තිබූ ළමයාව සහ ඔහුගේ පියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18