සියල්ලන් කම්පනයට ලක් කරමින් කසල ගොඩෙන් හමුවූ කාන්තා මල සිරුර ගැන තොරතුරු හෙළිවෙයි

සපුගස්කන්ද මාබිම මාර්ගය අසල කසළ ගොඩක තිබී අද සොයාගත් අත්පා ගැටගසා ගමන් මල්ලක බහාලූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් මේ වන විට පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ අදාළ කාන්තාව අවුරුදු 35ත් 40ත් අතර වයසේ පසුවන්නියක බවට සැකකරන බවයි. මළ සිරුර බහාලූ ගමන් මල්ල පැදුරකින් ඔතා තිබෙන අයුරුද දක්නට ලැබුණි.

මෙම ස්ථානයෙන් දුඟදක් හමන බවට ලැබුණු තොරතුරක් මත පරික්ෂා කිරීමේදී සිරුර හමුව තිබු අතර මියගිය කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවයි පොලීසිය පැවසුවේ.

මියගිය කාන්තාව කළු සහ රතු වර්ණවලින් යුතු ගවුමකින් සැරසී සිටින අතර මළ සිරුරේ අත්පා ගැටගසා ඇති බව පොලීසිය සඳහන් කර සිටියේ.

මළ සිරුර දැඩි ලෙස නරක්වී ඇති ආකාරයක් දක්නට ඇති අතර දින 5කට පමණ පෙර ඇය මියගොස් ඇති බවට සැක කර සිටියි.

ඊයේ එම ස්ථානයට පැමිණි මහර වැඩබලන මහෙස්ත්‍රාත් රමණි සිරිවර්ධන මහත්මිය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළ අතර පසුව මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත රැගෙන යනු ලැබුවා.

ගමන් බෑගයකින් හමුවූ කාන්තා මළ සිරුර



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජුන් බිහිකළෙත් අපි..රජා ගෙදර යැවුවෙත් අපි හාමුදුරුවනේ - සිවුර දාගත්ත අපිට කොන්දක් තිබ්බා
04:21
Video thumbnail
22 ඉර හඳ වගේ, අනිවාර්යෙන් සම්මත කරනවා
04:14
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:50
Video thumbnail
සත්තුන්ට කන්නත් මොකුත් නෑ - වියළි කාලගුණය නිසා ගවයින් අමාරුවේ
02:27
Video thumbnail
ජනතාවගේ විශ්වාසය කඩ වුණොත් විශාල ප්‍රශ්නයක් වෙනවා
03:18
Video thumbnail
පීඩාවට පත් වූ ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:59
Video thumbnail
ඩී.වී. චානකගේ ප්‍රකාශයට ඇමති නලින්ද පිළිතුරු දෙයි - නොරොච්චෝලය නවත්තන්න වෙයිද ?
01:44
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59