සහල් රටින් ගෙන්වන්න අනුමැතිය ගත්තේ ජනපති නැති දවසක

අඩු මිලට සහල් අලෙවි කිරීමෙන් පමණක් පසුගිය මාසයේ තුළ දී සතොසට රුපියල් මිලියන 67ක අලාභයක් සිදුව ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග සංවාදාත්මක වැඩසටහන හා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියා.

මේ අතර සහල් මිල පාලනය කිරීම සඳහා පිටරටින් සහල් ගෙන්වීමේ තීන්දුවට ජනාධිපතිතුමන් තරයේ විරුද්ධ වූ බවත්, සහල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූයේ එතුමා කැබිනට් මණ්ඩලයේ නොසිටි දවසක බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී අනාවරණය කළේ.

“අතිගරු ජනාධිපතිතුමා නිතරම කිව්වේ අර ප්‍රතිපත්තියේ ඉන්න, හාල් අපි පිටරටින් ගේන්නේ නැහැ. ජනාධිපතිතුමා ඉතාම පිරිසිදු චේතනාවෙන් ගොවියාගේ පැත්තෙන් කරපු තීන්දුවක්නේ. එතුමා කියනවා, අපේ රටේ ගොවියාටයි සල්ලි යන්නේ. වෙන රටක ගොවියෙක්ට නෙමෙයි සල්ලි යන්නේ. ඒක නිසා කොහොම හරි මේ මිල තියාගන්න බලන්න කියලා. එතුමා නැති දවසක තමයි කැබිනට් මණ්ඩලය මේ ගෙන්නන තීන්දුවත් ගත්තේ. අතිගරු ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණා කැබිනට් පත්‍රිකාවක්වත් ගේන්න එපා, හාල් ගෙන්වන්න ඉඩදෙන්නේ නැහැ කියලා. එතුමාගේ තීරණයට මම කිසිම දොසක් කියන්නේ නැහැ. එතුමා ඇත්ත වශයෙන්ම මේ තීන්දුව ගත්තේ රටේ ගොවි ජනතාවගේ පැත්තෙන් හිටගෙන.“ වෙළෙඳ ඇමතිවරයා සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06