අරක්කු මිල ඉහළ දමයි

මත්පැන් නිෂ්පාදිත සමාගම් විසින් රජයේ හෝ සුරාබදු දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව මත්පැන් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා මත්පැන් නිෂ්පාදිත සමාගම්වලට ඊයේ (03දා) දැනුම් දී තිබේ.

මත්පැන් නිපදවන අමුද්‍රව්‍ය මිල ඉහළයෑම හේතුවෙන් මත්පැන් මිල විවිධ ගණන්වලින් ඉහළ දමන්නට එම සමාගම් කටයුතු කර ඇතැයි තමන් විශ්වාස කරන බවත් එසේ වැඩිකර ඇත්නම් එයට එරෙහිව පියවර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවට නීතිමය ප‍්‍රතිපාදන නොමැති බවද ඒ මහතා පැවසීය.

මත්පැන් මිල වැඩි කිරීම මුදල් අමාත්‍යාංශය විසින් බදු වැඩිකිරීම හරහා සිදුකරන බවත් මෙවර මුදල් අමාත්‍යාංශය හෝ සුරාබදු දෙපාර්තමේන්තුව නොදැනුවත්ව මත්පැන් මිල ඉහළ දමා තිබෙන බවත් ඔහු සඳහන් කරයි.

මින් ඉදිරියට රජයේ අනුමැතියකින් තොරව මත්පැන් මිල ඉහළ දමනවා නම් ඒ පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටි බව ද ඒ මහතා වැඩිදුරටත් පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46