AFC Banner
Empty Ad
Empty Ad

පැන්ඩෝරා විමර්ශනයේ අතුරු වාර්තාවක්

ප්‍රකෝටිපතියන්ගේ සැඟවුණු වත්කම් හෙළි කළ පැන්ඩෝරා වාර්තාවේ නම සඳහන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් සම්බන්ධයෙන් කළ විමර්ශනවලට අදාළ අතුරු වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කර තිබේ.

එම විමර්ශන තවදුරටත් සිදු කරන බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ලේකම් අප්සරා කල්දේරා මහත්මිය සඳහන් කළේ.

තිරුකුමාර නඩේසන් ගේ බැංකු කටයුතු සහ රාජ්‍ය ආයතන මගින් ලබා ගත් ලියිකියවිලි විමර්ශන කණ්ඩායම් අධ්‍යනය කරමින් ඇති බව ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණ වූ කරුණු පිළිබඳව බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ රංජන් රාමනායක විසින් කළ ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව ඔහු ඉදිරි දිනක කොමිසම හමුවට කැඳවීමට නියමිත බව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?