කොවිඩ් තත්ත්වය ගැන යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්

සංචරණ සීමා ඉවත් කිරීමත් සමග ඇතැම් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට පටහැනිව කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම තත්ත්වය, යළිත් කොවිඩ් ආසාදිතයින් වැඩිවීමේ අවදානමක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දෙයි.

වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා,

“සංචරණ සීමාවන් මේ වන විට ලිහිල්වීමත් සමග සාමාන්‍ය ජනතාවගෙන් සුළු පිරිසක් හැසිරෙන ක්‍රමවේදයන් අනුව ඉදිරි කාලයේ දී රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමට ඇති ප්‍රවණතාවය බැහැර කිරීමට නොහැකි. මේ පවතින තත්ත්වය යටතේ මේ වන විට මරණ 10 – 25ක් පමණ කොවිඩ් ආශ්‍රිතව දිනකට සිදුවෙනවා. ඒ වගේම කොවිඩ් ආශ්‍රිත රෝගීන් සොයාගැනීම් දිනකට 500ක් – 600ක් අතර ප්‍රමාණයක් සෑම දිනකම රට තුළ වාර්තා වෙනවා. විශේෂයෙන් ම බස්නාහිර පළාතට අයත් ගම්පහ, කොළඹ වැනි දිස්ත්‍රික්කවල කොවිඩ් ආසාදිතයින් 50කට වැඩි පිරිසක් සොයා ගනු ලැබුවා. ඒ එගේම බස්නාහිර පළාතෙන් පිට කොවිඩ් ආසාදිතයින් හමුවන අවදියකයි අපි මේ කාලය ගත කරමින් සිටින්නේ. සෑම අවස්ථාවකම නිවසින් පිටතට යන වේලාවක දී මුඛ ආවරණයක් පලඳගෙන කටයුතු කරන ලෙස ඔබත් ඔබගේ පවුල්වල අයටත් ඥාතීන්ටත් කියන්න මම මෙය අවස්ථාවක් කරගන්නවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?