කොවිඩ් තත්ත්වය ගැන යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්

සංචරණ සීමා ඉවත් කිරීමත් සමග ඇතැම් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට පටහැනිව කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම තත්ත්වය, යළිත් කොවිඩ් ආසාදිතයින් වැඩිවීමේ අවදානමක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දෙයි.

වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා,

“සංචරණ සීමාවන් මේ වන විට ලිහිල්වීමත් සමග සාමාන්‍ය ජනතාවගෙන් සුළු පිරිසක් හැසිරෙන ක්‍රමවේදයන් අනුව ඉදිරි කාලයේ දී රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමට ඇති ප්‍රවණතාවය බැහැර කිරීමට නොහැකි. මේ පවතින තත්ත්වය යටතේ මේ වන විට මරණ 10 – 25ක් පමණ කොවිඩ් ආශ්‍රිතව දිනකට සිදුවෙනවා. ඒ වගේම කොවිඩ් ආශ්‍රිත රෝගීන් සොයාගැනීම් දිනකට 500ක් – 600ක් අතර ප්‍රමාණයක් සෑම දිනකම රට තුළ වාර්තා වෙනවා. විශේෂයෙන් ම බස්නාහිර පළාතට අයත් ගම්පහ, කොළඹ වැනි දිස්ත්‍රික්කවල කොවිඩ් ආසාදිතයින් 50කට වැඩි පිරිසක් සොයා ගනු ලැබුවා. ඒ එගේම බස්නාහිර පළාතෙන් පිට කොවිඩ් ආසාදිතයින් හමුවන අවදියකයි අපි මේ කාලය ගත කරමින් සිටින්නේ. සෑම අවස්ථාවකම නිවසින් පිටතට යන වේලාවක දී මුඛ ආවරණයක් පලඳගෙන කටයුතු කරන ලෙස ඔබත් ඔබගේ පවුල්වල අයටත් ඥාතීන්ටත් කියන්න මම මෙය අවස්ථාවක් කරගන්නවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32