වැලිගම කප්පරතොට ප්‍රදේශයේ හෝටලයක පිපිරීමකින් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
පියා සහ දරුවන් දෙදෙනෙකු මෙසේ තුවාල ලබා ඇත. කොත්තු ඇතුළු ආහාර පිළියෙල කරන මෙම හෝටලයේ ඇතිවූ පිපිරීමත් හටගත් ගින්න පොලිසිය සහ ප්‍රදේශ වාසීන් එක්ව පාලනය කර ඇත. ගෑස් සිලින්ඩරයක් පිපිරීමක් වූ බව කීවත් එය මෙතෙක් තහවුරු වී නැතැයි පොලිසිය කියයි.













