ඩොලර් නැතිව සිරවූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වරායේ ගොඩ ගැසෙයි

ඩොලර් ගැටලුව හේතුවෙන් මුදාගැනීමට නොහැකිව අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 900 කට අධික සංඛ්‍යාවක් කොළඹ වරායේ නිදහස් කරගැනීමෙන් තොරව මාසයකට වැඩි කාලයක් ස්ථානගතකර තිබෙන බව වරාය ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

මෙම කන්ටේනර් අතර සීනි මෙට්ට්‍රික් ටොන් දසදහසකට ආසන්න ප්‍රමාණයක් අඩංගු කන්ටේනර් 350 ක් පමණ ඇති බවත් රට තුළ පවතින සීනි හිඟයට ප්‍රධාන හේතුව වරාය තුළ ඇති සීනි කන්ටේනර් නිදහස් කර නොගැනීම බවත් වරාය ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

මේ අතර සිරවී තිබෙන සීනි කන්ටේනර් මුදවා ගැනීමට අවශ්‍ය ඩොලර් ලබන සතිය වන විට නිදහස් කිරීමට පියවර ගන්නා බවට රජය දැනුම් දුන් බවයි සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

ඩොලර් හිඟය හේතුවෙන් මීට පෙර ද අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත ආනයනික භාණ්ඩ කන්ටේනර් විශාල සංඛ්‍යාවක් වරාය සිරවීමෙන් රට තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55