එකට හිටියත් බොක්ක වෙනස් කියන්නේ මේවට තමයි

හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවක ඒ.ටී.එම්. යන්ත‍්‍රයට 01 දින බැර කිරීමට වෑන් රථයකින් රැගෙන පැමිණි රු. හය කෝටි හැත්තෑහතර ලක්ෂ දහනව දහසක මුදලක් රැගෙන පළා ගිය වෑන් රථයේ රියදුරා නුවරඑළිය මිපිලිමාන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් මුදල් සමග අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත භාර දී ඇත.

හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවේ ඒ.ටී.එම්. යන්ත‍්‍රයට මුදල් බැර කරනු ලබන්නේ මහනුවර නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකින් වන අතර 01 දින පස්වරු 1.50 ට පමණ සැකකාර රියැදුරා සමග එම පෞද්ගලික ආයතනයේ නිලධාරින් දෙදෙනෙක් සහ ගිනි අවියක් සහිත ආරක්ෂිත නිලධාරියෙකු බැංකු ශාඛාව වෙත වෑන් රථයෙන් පැමිණ ඇත.

ආරක්ෂක නිලධාරියා සහ අදාළ නිලධාරින් දෙදෙනා වෑන් රථයෙන් බැස බැංකු ශාඛාව වෙත ගිය අවස්ථාවේ වෑන් රථයේ රැදී සිටි රියදුරා වෑන් රථය රැගෙන පළාගොස් ඇති බව එම ආයතනයේ නිලධාරින් සහ ආරක්ෂක නිලධාරියා විසින් හැටන් පොලිසියට පැමිණිලි කර ඇත.

එම වෑන් රථයේ සවි කර තිබු ජී.පී.එස්. යන්ත‍්‍රය අනුව සැකකරු ගමන් ගන්නා මාර්ගය පිළිබදව හැටන් පොලිසියේ නිලධාරින් සියලූම පොලිස් ස්ථාන වෙත දැනුම් දීමෙන් අනතුරුව සැකකරු නුවරඑළිය බදුල්ල ප‍්‍රධාන මාර්ගයේ කැප්පෙටිපොළ ප‍්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් 01 දින පස්වරු 3.30ට පමණ අත්අඩංගුවට ගෙන කැප්පෙටිපොල පොලිසිය වෙත භාර දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරීක්ෂණ පවත්වන නිසා සැකකරු සහ පොලිස් භාරයට ගත් මුදල් තොගය හැටන් පොලිසියට භාර දී ඇත.

42 හැවිරිදි සැකකරු දියතලාව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හැටන් පොලිසිය දැනට කරන ලද මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස් මහතාගේ අධීක්ෂණය යටතේ හැටන් පොලිසියේ නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57