AFC Banner
Empty Ad
Empty Ad

කවුරුත් මවිත කරමින් කාබනික පොහොර වලින් අමුතු දෙයක් මතු වෙයි

අම්බලන්තොට දෙහිගහලන්ද කරිවිලේයාය කුඹුරු යාය අස්වද්දනු ලබන ගොවි මහතෙකු විසින් අම්බලන්තොට ගොවිජන සේවා කාර්යාලය මගින් ලබා ගනු ලැබූ කාබනික පොහොර ප්‍රමිතියකින් තොර බවට ගොවින් චෝදනා කරනවා.

අදාළ ගොවින් අම්බලන්තොට ගොවිජන සේවා කාර්යාලය මගින් පසුගිය 01  වනදා ලබා ගත් පොහොර තොග කුඹුරු සඳහා භාවිත කිරීමට යාමේදී එහි යකඩ කෑලි, බෝතල්කටු ආදී ද්‍රව්‍ය මෙන්ම බහුතරයක් වැලි හා ගල් කැබලි වලින් සමන්විත වී තිබු බවයි ගොවින් පෙන්වා දෙන්නේ.

මෙම පොහොර කුඹුරු සඳහා යොදනු ලැබුවේ නම් ගොවින්ට වෙනත් කරදරවලට මුහුණ දෙන්න සිදුවෙන බවද ගොවින් පෙන්වා දෙනවා. මේ සම්බන්ධයෙන් ගොවි සංවිධාන එක්ව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ගොවින් පවසා සිටිනවා.

මේ සම්බන්ධයෙන් අම්බලන්තොට ගොවිජන සේවා කාර්යාලයේ ගොවිජන සංවර්ධන නිලධාරී ඒ.ඩි ක්‍රිෂාන්ති මහත්මියගෙන් අප කල විමසීමකදී ඒ මහත්මිය කියා සිටියේ අදාළ පොහොර තොගය ප්‍රදේශයේ පුද්ගලික ගැනුම්කරුවෙකුගෙන් ලබාගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?