AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරි පැය 12 ගැන අනතුරු ඇඟවීමක්

බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක් සඳහා නිකුත් කළ තිබූ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, අද (03) රාත්‍රී 08.00 දක්වා අදාළ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය දීර්ඝ කර ඇති බවය.

මේ අතර අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ආපදා තත්ත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 41කට බලපෑම් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

ආපදා තත්ත්වයෙන් පවුල් 1,444 කට අයත් පුද්ගලයින් 5,790 දෙනෙකු පීඩාවට පත්ව තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?