මෙවර අයවැයේ දී වැඩි අවදානයක් යොමුවූ කේෂ්ත්‍ර ගැන ජනපති ලේකම් කියයි

සාම්ප්‍රදායික අයවැයකින් එහා ගිය නව දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිත අයවැයක් මෙවර රටට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර පවසනවා.

හරිත ආර්ථිකයක්, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල් ආණ්ඩුකරණය යන ක්ෂේත්‍ර කෙරෙහි එහිදී ප්‍රමුඛතාව හිමි වනු ඇති බවත් ‘සෞභාග්‍යයේ දැක්ම’ තුළ කටයුතු කරමින් රටේ ආදායම් ඉහළ නංවා ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බවයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

රටේ ආදායම් උත්පාදනයට භාණ්ඩ හා සේවාවල නිෂ්පාදන පරිමාව ඉහළ නැංවිය හැකි ආදායම් ප්‍රතිපත්ති මෙවර අයවැයට ඇතුළත් වනු ඇති බවයි ජනාධිපති ලේකම්වරයා පැවසුවේ.

රට සාමාන්‍යකරණය වීමත් සමග නව ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බවත් දිගින් දිගට ම අයවැය පරතරය ඉහළ අගයක් ගැනීම රටකට හිතකර තත්ත්වයක් නොවන බවයි මෙහිදී අදහස් දක්වමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල සඳහන් කළේ.

මෙවර අයවැයේදී එම පරතරය අඩු කර ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි මුදල් ලේකම්වරයා පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අසීරු ඕනෑම අවස්ථාවකදී සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් බව රුසියානු නි. අමාත්‍ය කියයි
01:33
Video thumbnail
බස් රථ ධාවනය නොකරන ලෙසට බස් රියදුරන්ට සත්තම දැමූ තිදෙනෙක්ට වැඩ වරදියි
01:09
Video thumbnail
ජනපතිගෙයි, වසන්තගෙන් පාසලට ගිහින් සුසිල් රණසිංහ කිව්ව දේ..ජීවිතය අභියෝග මැදින් තමයි සාර්ථක වෙන්නේ
05:52
Video thumbnail
ශානිගේ සියළු චිත්‍රපටි Fail..පොඩි ආතල් එකක් ගන්න ඔයා..අනුර දකින හීනය දවල් හීනයක් විතරයි
04:14
Video thumbnail
රාහුල හිමි ජනපති ඉස්සරහම කිව්ව සැර කතාව..පුටු රත් කරනවට වඩා ගොඩක් වැඩ තියෙනවා
02:10
Video thumbnail
ඒ කාලේ මට JVP කාරයෙක් කිව්වා..මම සැලුනේ නෑ..රාහුල හිමි නලින්දට ප්‍රශංසා කරපු හැටි
04:51
Video thumbnail
ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
02:31
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40
Video thumbnail
"මොකක්ද කියන්නේ තෝ - උඹට බයේ යන්න ඕනිද?" CTB - Private බස් අතර උණුසුම් තත්ත්වයක්..
02:17