ලිට්‍රෝ ගෑස් සමාගමෙන් සුභ ආරංචියක්..! ගෑස් හිගයට පිළියමක්

LP ගෑස් රැගත් නෞකා දැනටමත් කොළඹ වරායේ නැංගුරම්ලා ඇති බව ලිට්‍රෝ ගෑස් පුද්ගලික සමාගම පවසයි. ඒ අනුව, ගෘහස්ථ LP ගෑස් සඳහා දැනට පවතින තාවකාලික හිඟය බෙදාහැරීමේ ප්‍රමාදය නිසා ඇති වී ඇතැයි ද එම සමාගම සඳහන් කරයි.

දැනට පවතින හිඟය නුදුරේදීම යළි යථා තත්ත්වයට පත්කරන බව ද ලිට්‍රෝ ගෑස් පුද්ගලික සමාගම පැවසීය.

මේ අතර, රට තුළ යළි ලිට්‍රෝ ගෑස් හිඟයක් නිර්මාණය වෙමින් ඇති බව ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වේ. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉකුත් ඔක්තෝබර් 11 වැනිදා සිට ඉහළ දැමීමට ගෑස් සමාගම් පියවර ගත්තේය.

ඒ පැවති මිල ගණන් යටතේ පාඩු විඳගනිමින් සිය ව්‍යාපාර කරගෙන යා නොහැකි බව පවසමිනි. ඒ අනුව ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් වර්ග දෙකෙහිම මිල ඉහළ නැංවුණි. කිලෝග්‍රෑම් 12.5ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රු. 1257කින් ද කිලෝග්‍රෑම් 5ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 503කින්ද ඉහළ දැමුණි.

කිලෝග්‍රෑම් 2.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ ගියේ රුපියල් 23කිනි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් අද අලෙවි වන්නේ රුපියල් 2765ක මිලකටය. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක රුපියල් 1071කට අලෙවි වන අතර, කිලෝග්‍රෑම් 2.5 ක ගෑස් සිලින්ඩරයක් අගෙවි වන්නේ රුපියල් 506ක මිලකටය.

කෙසේ වෙතත් මිල වැඩිකිරීම් සිදුකළ ද වෙළෙඳපොළේ ලිට්‍රෝ ගෑස් හිඟයක් පවතින බවට දින කිහිපයක් තිස්සේ ප්‍රදේශ රැසකින් වාර්තා වෙමින් පවතී. අදත් කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකම දක්නට ලැබුණේ එවන් තත්ත්වයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PUCSL සභාපතිද ? NPP මන්ත්‍රීද ? දැන් ඇත්ත කියන්නේ ?..ඔක්කොම බොරු කරලද දැන්
01:17
Video thumbnail
රනිල්ගේ - අනුරගෙයි ආර්ථික කළමණාකරනය ගැන කියන රාජිත.. රනිල් රු.293 වෙනකල් අඩුකළා
01:25
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙම කටින් පැන්න දේ..ගල් අඟුරු පාඩුවත් විදුලි බිල වැඩි වෙන්න හේතුවක්
01:07
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ?NPP මන්ත්‍රීවරයෙක්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36