දෙසැම්බර් වෙද්දී විශාල කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක්

ජනතාව තුළින් බලාපොරොත්තු වන ප්‍රතිශක්තිකරණය මෙතෙක් ලැබී නැතිනම් දෙසැම්බර් මස වනවිට නැවත විශාල කොවිඩ් රැල්ලක් ඇතිවීමට හැකි බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර අනතුරු අඟවනවා.

ඔහු පැවසුවේ සමාජ ක්‍රියාකාරකම් තුළින් පමණක් වසංගත පාලනය කළ නොහැකි බවත් අනිවාර්යයෙන්ම කොවිඩ් අහඹු පරීක්ෂණ කිරීම, ආසාදිතයන් හුදෙකලා කිරීම හා සමාජ දුරස්ථභාවය යන කාරණාවලට තවදුරටත් මූලිකත්වය ලබාදිය යුතු බවයි.

විශේෂයෙන් දැනට එන්නත්කරණ ලැබූ සියලු පුද්ගලයන්ට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ලැබී ඇති බවට නිසි සහතිකයක් නොමැති බව වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

පාසල්, රෝහල්, පොදු ස්ථානවල කොවිඩ් පාලනය පැතිරීම වැළැක්වීමට මෙයට පෙර ගත් පියවර අනිවාර්යයෙන් ම ක්‍රියාත්මක කළ යුතු බවයි ඔහු අවධාරණය කර සිටියේ.

මේ වනවිට සිවුවතාවක් අප කොවිඩ් රැලිවල අත්දැකීම්වලට මුහුණ දී ඇති බැවින් මේ මොහොතේ ඒ පාඩම් ප්‍රයෝජනයට ගත යුතු බව පවසන ඒ මහතා තම සංවිධානය යෝජනා කරන්නේ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ අනිවාර්ය බවත් ග්‍රාමීය මට්ටමින් මහජනයා සම්බන්ධ කරගත් කටයුතු සිදුකිරීම ඉතා වැදගත් බවත්
ආණ්ඩුව මේ වනවිට සිදුකර ගෙනගිය හා වැඩපිළිවෙළවල් නවත්වා ඇති අතර එමගින් නැවත විශාල රැල්ලක් පැමිණිය හැකි බැවින් වෛරසය සැබෑ ස්වරූපය එය බව තේරුම් ගත යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙම කටින් පැන්න දේ..ගල් අඟුරු පාඩුවත් විදුලි බිල වැඩි වෙන්න හේතුවක්
01:07
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ?NPP මන්ත්‍රීවරයෙක්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03