ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් අනතුරු හැඟවීමක්

පසුගිය සතිවලට සාපේක්ෂව මෙම සතිය තුළ කොවිඩ් ආසාදිතයින්ගේ සහ කොවිඩ් මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කරයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ඊයේ (01 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ජනතාව විශාල වශයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා නිදහසේ හැසිරෙමින් විනෝද චාරිකා සහ වෙනත් උත්සව සඳහා සහභාගිවන බවය.

මෙම තත්ත්වය කොවිඩ් ව්‍යාප්තවීමට දැඩිව බලපෑම් කරන බව ඇය අවධාරණය කළාය.

විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවාව සෑම විටම කොවිඩ් ව්‍යාප්තිය සඳහා අවධානම් සාධකයක් බවට පත්ව තිබේ.

එමෙන්ම ආගාමික ස්ථාන වල සෙනඟ වැඩි වශයෙන් එකතුවන ආකාරයක් දක්නට ලැබෙන බවත් එලෙස සෙනඟ ඒකරාශි වීම වළක්වා ගැනීමට කටයුතු කිරීම වැදගත් බව විශේෂඥ වෛද්‍යවරිය පැවැසුවාය.

ජනතාව නිසි ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්නේද යන්න පිළිබඳව රජය නිරන්තරව අධික්ෂණය කිරීම වැදගත් බවද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න සඳහන් කළාය.

මේ වන විට වයස අවුරුදු තිහට වැඩි ජනගහනයෙන් සියයට හැට දෙකක ප්‍රමාණයකට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ මාත්‍රා දෙකම ලබාදී අවසන්ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28