වසර 09ක් කට්ටි පැන්න “නේවි කමල්” අත්අඩංගුවට

මහපරිමාණ මිනිස් ජාවරම්වලට චෝදනා ලබා වසර 9ක් තිස්සේ පොලිසිය මඟ හරිමින් සිටි නේවි කමල් නමැති නාවික හමුදා බුද්ධි අංශයේ හිටපු සාමාජිකයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විවිධ නම්වලින් පෙනී සිටි සැකකරු පස්සර ප්‍රදේශයේ බිරිඳගේ නිවසට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. ඔහු වසර නවයක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයමින් සිට ඇත්තේ ඔස්ට්‍රේලියාවට මුහුදු මාර්ගයෙන් මිනිසුන් යැවීමේ ජාවාරමකට අදාළවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?