මීගොඩ කාන්තාවකට මුහුණ දීමට සිදු වූ බිහිසුණු සිදුවීමක්

මිරිහාන, නුගේගොඩ කොට්ඨාස විමර්ශන අංශය විසින් මීගොඩ බටවල ප්‍රදේශයේ දී කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාලයක් කොල්ලකෑ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (31) නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අදාළ සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත.

යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවෙක් විසින් අදාළ කාන්තාව බිම පෙරළාගෙන ඇගේ ගෙල බැඳි රන්මාලය කොල්ලකා පළායන ආකාරය අසල සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

එම සැකකරුවන් පසුගිය මාස කිහිපය තුළ මහමඟ ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ලකෑමේ සිද්ධි කිහිපයකට සම්බන්ධ පුද්ගලයින් බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 32 සහ 41 අතර පසුවන බඩල්ගම, පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශ වැඩිදුර විමර්ශන සිදුකරයි.

https://youtu.be/ZEpdB6w_KYo
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?