පොලීසිය ජනතාවගෙන් කළ ඉල්ලීම

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ නව කොවිඩ් රැල්ලක් නැවත ඇති වුවහොත් එය ජන සමාජයට බලපෑම් එල්ල කළ හැකි බව පොලීසිය සඳහන් කරයි.

අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කර සිටියේ, ජනතාව නිසිලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කළ යුතු බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“නොවැම්බර් මස 1 වනදා සිට 15 වන දා දක්වා ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරලා තියෙනවා. මෙම මාර්ගෝපදේශ අනුව ඔබගේ දෛනික කටයුතු සිදුකර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. විශේෂයෙන් සාකච්ඡා පැවැත්වීම්, සම්මන්ත්‍රණ පැවැත්වීම් ආදි කාරණාවලදී හැකිතාක් මාර්ගගත ක්‍රමය භාවිත කරමින් පැවතීමට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ වගේම ඔබ යම්කිසි රැස්වීමක් පවත්වන්නේ නම් එම රැස්වීම පවත්වන ශාලාවේ තුනෙන් එකක ප්‍රමාණය භාවිත වන ආකාරයට රැස්වීම් පැවැත්විය යුතු බවට සඳහන් කරනු ලබනවා. ඒ වගේම විවාහ මංගල උත්සව පැවැත්වීමේ දී උපරිම ආරාධිතයින් සංඛ්‍යාව 100ක් ලෙසට සඳහන් කොට තිබෙනවා. එසේ නොමැති නම් ශාලාවේ ධාරිතාවයෙන් තුනෙන් එකක ප්‍රමාණයකට අමුත්තන් සඳහා ආරාධනා කොට එම ධාරිතාවය අනුව උත්සව පැවැත්වීමේ හැකියාව තිබෙනවා. යම් ආකාරයකින් විවාහ උත්සවයක් එළිමහනේ පවත්වන්නේ නම් ඒ සඳහා උපරිමයෙන් 150 දෙනෙකුට එයට සහභාගී විය හැකි බව සඳහන් වෙනවා. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව විවිධ දෛිනක කාර්යයන් සඳහා නිර්ණායකයන් පෙන්වා දී තිබෙනවා. ඒ අනුව කටයුතු කිරීම වැදගත් වෙනවා. තවදුරටත් සිනමා ශාලා හා නාට්‍ය ශාලා වැනි ස්ථානවල 25%ක ධාරිතාවයකින් යුතුව නරඹන්නන් කැඳවිය හැකි බවට සඳහන් කර තිබෙනවා. අපි ඉල්ලා සිටිනවා මේ සඳහන් කරලා තියෙන දින 15ක කාල සීමාව තුළ ඔබගේ ආයතනය වේවා, පෞද්ගලික කටයුත්තක් වේවා නිසි පරිදි නිරෝධායන නීතිවලට අනුගත වෙමින්, ඒ වගේම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කරන ලෙස. එසේ නොවුණහොත් තවදුරටත් මෙම වසංගත තත්ත්වය නව රැල්ලක් ලෙස පැතිර යෑම ආරම්භ වුවහොත් නැවතත් එය ජන සමාජයට බලපෑම් ඇති කළ හැකියි. එයින් මිදී රටත් සමාජයත් ඉදිරියට රැගෙන යෑම සඳහා අවශ්‍ය දායකත්වය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.” 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28