අරක්කු බියර් පානය කරන ඔබට කණගාටුදායක පුවතක්

සියලුම මත් පැන් සහ බියර් මිල ගණන් ඉහළ දමා ඇත. අය-වැය ලේඛනය ඒමට පෙරාතුවම මත්පැන්වල මිල ඉහළ දමා තිබුණත් ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කර නැත.

මත්පැන් හා බියර් මිල ගණන් ඉහළ දමා තිබීම සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේ මත්පැන් මිල ඉහළ දැමීම දෙයාකාරයකින් සිදුවිය හැකි බවයි. රජය මගින් සුරාබදු ඉහළ දැමීම නිසා මත්පැන් සමාගම්වල නිෂ්පාදන වියදම වැඩිවීම මත මිල ඉහළ දැමීමට හේතු වන්නට ඇතැයි ඒ මහතා කීය.

මත්පැන් කාලක මිල රුපියල් විස්සකින්ද, භාග හා මිලි ලීටර් 750 සහ ලීටරයේ බෝතලයක මිල ගණන්ද මෙලෙස ඉහළ දමා තිබුණත් ඊට අදාළ නිල මිල ගණන් සහිත ලේඛනයක් ප්‍රසිද්ධ කර නොමැති නිසා ඕනෑම සුරාසලකට හිතූ හිතූ මිල ගණන්වලට මත්පැන් අලෙවි කිරීමට අවස්ථාව ලැබී තිබේ.

මත්පැන් අලෙවියෙන් දිනකට රජයට රුපියල් කෝටි 50ක බදු ආදායමක් ලැබෙන අතර මසක ආදායම කෝටි 1500කි. ඒ අනුව මාස 12ක සුරාබදු අදායම කෝටි 16,000 ඉක්මවා ලැබන අතර කොවිඩ් වසංගතය නිසා මෙම වසරේ රුපියල් කෝටි 2700ක බදු ආදායමක් අහිමිව ගොස් ඇතැයි සුරාබදු දෙපාර්තුමේන්තුව ගණන් බලා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
44
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57