ඉදිරි සති හතර තීරණාත්මකයි..

කොවිඩ් මර්දන ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා එන්නත්වලටත් ඔරොත්තු නොදෙන ඒ. 30 නමැති කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවධානයෙන් සිටින බව ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේය.

මෙම වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමුව ඇති බවත් එම ප්‍රභේදය ව්‍යාප්ත වුවහොත් විශාල ගැටලුවකට මහජනතාවට මුහුණ දීමට සිදු වන බවත් ඇමැතිවරයා කියා සිටියේය.

සංචරණ සීමාවන් ලිහිල් කිරීමත් සමඟ කොවිඩ් අමතක කරමින් ජනතාව හැසිරුණොත් එහි අනිසි ප්‍රතිඵල ඉදිරි සති හතරක පමණ කාලයක් තුළදී දැක ගත හැකි වෙතැයි ද ඇමැතිවරයා පැවසුවේය.

ජනතාව වැඩි වශයෙන් එක්රැස් වන ස්ථාන වෙතොත් එම ස්ථානයන්හිදී අනිවාර්යයෙන්ම කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට පියවර ගත යුතු බවත් එසේ වුවහොත් කුමන ප්‍රභේදයක් පැමිණියත් ජනතාවට ආරක්ෂා විය හැකි බවත් ඇමැතිවරයා කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?