ඉදිරි සති හතර තීරණාත්මකයි..

කොවිඩ් මර්දන ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා එන්නත්වලටත් ඔරොත්තු නොදෙන ඒ. 30 නමැති කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවධානයෙන් සිටින බව ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේය.

මෙම වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමුව ඇති බවත් එම ප්‍රභේදය ව්‍යාප්ත වුවහොත් විශාල ගැටලුවකට මහජනතාවට මුහුණ දීමට සිදු වන බවත් ඇමැතිවරයා කියා සිටියේය.

සංචරණ සීමාවන් ලිහිල් කිරීමත් සමඟ කොවිඩ් අමතක කරමින් ජනතාව හැසිරුණොත් එහි අනිසි ප්‍රතිඵල ඉදිරි සති හතරක පමණ කාලයක් තුළදී දැක ගත හැකි වෙතැයි ද ඇමැතිවරයා පැවසුවේය.

ජනතාව වැඩි වශයෙන් එක්රැස් වන ස්ථාන වෙතොත් එම ස්ථානයන්හිදී අනිවාර්යයෙන්ම කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට පියවර ගත යුතු බවත් එසේ වුවහොත් කුමන ප්‍රභේදයක් පැමිණියත් ජනතාවට ආරක්ෂා විය හැකි බවත් ඇමැතිවරයා කීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14