සොභාව දහමට එරෙහි නොවන නව කෘෂිකර්ම විප්ලවයක් අවශ්‍යයි – ජනපති

සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකර්ම විප්ලවයක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. මිනිසුන් ස්වභාව ධර්මයට එරෙහිව ක්‍රියාකරනවාට වඩා ඒ සමග සමපාත විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව “නයිට්‍රිජන් නැවත සොයාගැනීම, දේශගුණික විපර්යාස, සෞඛ්‍ය, ජෛව විවිධත්වය සහ චක්‍රීය ආර්ථිකය සඳහා විසඳුම් සහ ක්‍රියාකාරීත්වය,“ යන තේමාව යටතේ ශ්‍රී ලංකාව සංවිධානය කළ විශේෂ සම්මන්ත්‍රණයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

එරට වේලාවෙන් ඊයේ (31) පස්වරු 5.00ට පමණ එම සම්මන්ත්‍රණය පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

තම රජයේ ප්‍රතිපත්ති රාමුව තිරසර සංවර්ධනය බව මෙහිදි අවධාරණය කළ ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යාවත්කාලීන කළ ජාතික නිර්ණයන් සහ අභිලාශයන්ගෙන් ඒ බව මනාව පිළිඹිබු වන බව ද සඳහන් කර සිටියා.

නවීන විද්‍යාත්මක ශිල්පීය ක්‍රමවේද සහ හුරුපුරුදු ක්‍රම භාවිතයෙන් පරිසරය විනාශ නොකොට කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම අප හමුවේ පවතින අභියෝගයක් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.

දශක ගණනාවක් පුරා නිධන්ගත වකුගඩු රෝගය ශ්‍රී ලංකාවේ ගොවිජනතාව අතර බරපතළ ගැටලුවක් වී පවතින අතර රසායනික පොහොර අධික ලෙස භාවිත කිරීම මීට ප්‍රමුඛ හේතුවක් බව ද ජනාධිපතිවරයා එහිදි පෙන්වා දුන්නේ.

රසායනික පොහොර ආනයනය අවම කිරීමටත්, කාබනික කෘෂිකර්මාන්තය දැඩි ලෙස දිරිමත් කිරීමටත් තම රජය පියවර ගනු ලැබුවේ එම සන්ධර්භය තුළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි පැහැදිලි කළේ.

මෙම ක්‍රියාව පුළුල් ඇගයීමට ලක්ව ඇතත් ඊට විවේචන සහ විරෝධතා එල්ල වී ඇති බව ද ජනාධිපතිවරයා එහිදි සඳහන් කළේ.

රසායනික පොහොර සඳහා සහාය දක්වන කණ්ඩායම්වලට අමතරව අස්වැන්න වැඩි කරගැනීමේ පහසු මාධ්‍යයක් ලෙස පොහොර අධික ලෙස භාවිතා කිරීමට හුරු වී ඇති ගොවීන් මෙම විරෝධතා සඳහා පැමිණ ඇති අතර ශ්‍රී ලාංකේය කෘෂිකාර්මික උරුමය සලකා බැලීමේ දී මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව ද ජනාධිපතිවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝක කුසලාන පහස නොවිදම කදුළු සලමින් පිටියට සමුදුන් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ - උණුසුම්වන ෆිෆා තරඟය
01:48
Video thumbnail
හිරේ ඉන්න අය ආරක්ෂා කරන්නේ දේශපාලන චරිත සම්බන්ධවෙලා - කළු ආර්ථිකයක් තියෙනවා
05:57
Video thumbnail
රතනපුර පොලිසිය භූමිතෙල් යොදා ධාවනය වන බස් සේරම වටලයි - උඹලා බාගෙට දාලා ගහන්නේ ඇයි ?ගඳ එනවනේ පුතා
10:28
Video thumbnail
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට මුල්ගල් තබයි - සිරකරුවන් ගැන කිව්ව සුපිරි කතාව
12:21
Video thumbnail
චාමර සම්පත් කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා
00:47
Video thumbnail
නිලධාරින් ඇතුළට වෙ#ඩි තිබ්බ හේතුව කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි
01:26
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
00:59
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි
00:19
Video thumbnail
කුලී නිවසක තිබී වයස අවු: 26ක තරුණියකගේ නිසල සිරුරක් හමුවෙයි
00:42
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි - තුවාලද කියලවත් බලන්නේ නෑනේ ?
00:42