තවත් විශේෂ කැබිනට් තීන්දුවක්. මේ සතියේ ආණ්ඩුව කරන්න යන දෙයක් හෙළි වෙයි

”එකදු වල් නාශකයක් හෝ නොමැතිව කෘමි නාශක සහ දිලීර නාශක කිහිපයක් ගෙන්වීමට ආණ්ඩුව හෙට (නොවැ. 1) දින කැබ්නට් රැස්වීමේ දී අනුමැතිය ලබාගන්නට හදන,” බවට සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

වල් නාශක නොමැතිව බඩ ඉරිඟු, වී සහ තේ වගා කළ නොහැකි බව කෘෂි විශේෂඥයින් පවසා ඇති නමුත් ඉදිරියේදී ගෙන්වීමට නියමිත කෘෂි රසායන ලැයිස්තුවෙන් සියලු ම වල් නාශක ඉවත් කරන්නට කෘෂිකර්ම ලේකම්වරයා උපදෙස් දී ඇති බව ද ඇය පැවසුවා ය.

වී වගාවේදී නිසි පරිදි වල් මර්දනය නොකර නැනෝ නයිට්‍රජන් දියර පොහොර යෙදීම හේතුවෙන් ගොයමට වඩා වැඩි වේගයෙන් වල් ශාක වර්ධනය වන බව දැන දැන ම මෙවැනි තීරණ ගැනීම ගොවියාට සිදු කරන ‘බොරු ඇස් බැන්දුමක්’ යැයි ඇය අවධාරණය කළා ය.

“ලංකාවේ ලියාපදිංචි කෘෂි රසායන වර්ග 150ක් පමණ තිබෙනවා. ඒවාගෙන් 80ක් (55%ක්) ම වල් නාශක. හෙට කැබ්නට් රැස්වීමේ දී එකම වල් නාශකයක් හෝ නැතිව කෘමි නාශක, දිලීර නාශක කිහිපයක් ගෙන්වන්න ආණ්ඩුව අනුමැතිය ගන්නට හදනවා.

මේක ගොවියාගේ ඇස් බැඳවා කුඹුරුට හේනට දක්කන්න හදන ප්‍රෝඩාවක්. වල් නාශක නැතිව වී, ඉඩඉරිඟු, තේ වගාව කරන්න බැරි බව කෘෂි විශේෂඥයින් කියනවා.

මහා පරිමාණ වගාකරුවෝ සියලු දෙනා දැන් නන්නත්තාර වෙලා. නැගෙනහිර, රජරට, මහියංගනය ඇතුළු මහවැලි කලාපයේ ගොවියන්ට වල් නාශක, කෘමි නාශක ලැබුණේ නැත්නම් ඔවුන් සදා අනාථ වෙනවා‍.

සඳුදා කැබිනට්ටුවේ දී ඇස් වහලා කෘෂි රසායන කිහිපයකට අනුමැතිය ගන්න හදනවා. නමුත්, ඒ්වායෙන් විතරක් වගාව කරන්න බෑ.

මේ ලැයිස්තුවේ සියලු ම වල් නාශක ඉවත් කරන්නට කාෂිකර්ම ලේකම් අද උපදෙස් දීලා තියෙනවා. මේ මහාචාර්ය ලේකම් දන්නේ නැද්ද වී වගාවේ වල් ටික දවස් 45ක් මර්දනය කළේ නැත්නම් වී කරල බොල් වෙනවා කියලා.

වල් තියෙන කුඹුරකට ‘නැනෝ නයි රාජයා’ ගැහුවම ගොයමට වඩා වේගයෙන් වල් ටික හැදෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මේක බොරු ඇස්බැන්දුමක්. ගොවියා මඩට දාලා, හේනට දාලා තවදුරටත් විනාශ කරන්න හදනවා. කන කර උගස් තියලා වගාවට යන ගොවියා මෙහෙම විනාශ කරන උන් මේ වැහි දවස්වල එළියට බහින්න එපා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44