AFC Banner
Empty Ad
Empty Ad

මෝල් හිමියන් හාල් මිල දෙවැනි වතාවටත් ඉහළට

සහල් මෝල් හිමියන් හිතුමතේ හාල් මිල වැඩි කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව සහල් මිල නැවතත් රුපියල් 10 සිට 30 දක්වා ගණනකින් ඉහළ දැමීමට පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබෙනවා.

කීරි සම්බා සහල් කිලෝවක් තවත් රුපියල් 30 කින් ද, සම්බා සහ නාඩු සහල් කිලෝවක් තවත් රුපියල් 10 කින් ද, ඉහළ දමා තිබෙනවා.

ආසන්තම මිල ඉහළ දැමීමත් සමඟ කීරි සම්බා සහල් කිලෝවක නව සිල්ලර මිල රුපියල් 225 ක් ද, සම්බා සහල් කිලෝවක නව මිල රුපියල් 165 ක් ද, නාඩු සහල් කිලෝවක නව මිල රුපියල් 140 ක් ද, වන බවයි වාර්තා වන්නේ.

මෙම දෙවැනි මිල ඉහළ දැමීමත් සමඟ මාසයක් තුළ කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 60 කින් ද, සම්බා සහ නාඩු සහල් කිලෝවක මිල රුපියල් 25 කින් ද, ඉහළ දැමීමට ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයෝ කටයුතු කර තිබෙනවා.

සුදු සහ රතු කැකුළු සහල් කිලෝවක් ද රුපියල් 5 කින් ඉහළ දැමීමත් සමඟ සුදු කැකුළු කිලෝවක නව මිල රුපියල් 125 ක් ද, රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 110 ක් ද, බවට පත්ව ඇති බව වෙළෙන්දන් පවසනවා. 

රජය සහල් පාලන මිල පසුගිය සැප්තැම්බර් මස 27 වැනිදා රාත්‍රී ඉවත්කිරීමෙන් පසුව පොළොන්නරුව මහා පරිමාණ සහල් නිෂ්පාදකයෝ සැප්තැම්බර් 28 වැනිදා මාධ්‍ය හමුවක් කැඳවමින් නාඩු කිලෝවක් රුපියල් 115 කට, සම්බා කිලෝවක් රුපියල් 140 කට සහ කිරී සම්බා කිලෝවක් රුපියල් 165 කට අළෙවි කරන බව පැවසුවා.

ඉන් පසුව මේ මස 18 වැනිදා කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 30 කින් ද, සම්බා සහ නාඩු සහල් කිලෝවක මිල රුපියල් 15 කින් ද, ඉහළ දැමීමට ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන සමාගම් කටයුතු කළ අතර ඒ අනුව කීරි සම්බා කිලෝවක මිල රුපියල් 195 ක් ද, සම්බා කිලෝවක මිල රුපියල් 155 ක් ද, නාඩු සහල් කිලෝවක නව මිල රුපියල් 130 ක් ද, බවට පත්විය.

කිරී සම්බා කිලෝවක් රුපියල් 195 කට ද, සම්බා කිලෝවක් රුපියල් 140 කට ද, නාඩු කිලෝවක් රුපියල් 125 කට ද, අළෙවි කරන බවයි සුපිරි වෙළෙඳසැල් හිමියන් පවසන්නේ.

ලංකා සතොස මගින් පුද්ගලයකුට වරකට නාඩු සහල් කිලෝ තුනක් පමණක් කිලෝවක් රුපියල් 98 බැගින් මිලදී ගත හැකි බවත් සුදු සහ රතුළු කැකුළු සහල් කිලෝවක් රුපියල් 95 බැගින් මිලදී ගත හැකි බවත් ලංකා සතොස පවසනවා.

සිල්ලර වෙළෙදුන් පවසන්නේ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සහල් මිල වැඩි කරමින් වෙළෙඳපොලට නිකුත් කරන බවත් වෙළෙදුන්ට රුපියල් 5 ක ලාභයක් පමණක් ලබාදෙන බවත්ය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස් විදියකට හිතපු කල්පිටියේ බීට් ගොවියෝ - හිතුවෝත් මොනවද කරන්න බැරි?
02:35
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:11
Video thumbnail
බොරු සෝබන නෑ - කැටයම් නෑ - දැන් අපිට ඉන්නේ - ජව සම්පන්න නායකයෙක් #akd #anurakumaradissanayaka
02:02
Video thumbnail
කැළණියේ කෙල්ලෝ - කොල්ලෝ - මාලිමාවේ ජයග්‍රහණය අමුතුම විදියට සමරයි #npp #anurakumaradissanayaka
02:51
Video thumbnail
ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න ඔයත් කැමතිද?
05:05
Video thumbnail
ජනාධිපති වුණාට පස්සෙත් - සිඟිති ආතල් ගන්න එක පුදුමයට හේතුවක් #akd #anurakumaradissanayaka
01:25
Video thumbnail
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ - විජිත හේරත් රාජකාරි අරඹයි#npp
03:45
Video thumbnail
පොහොට්ටු ප්‍රභලයෙක් - මාලිමාවේ ගුණ වයයි - පනින්නද? #slpp #npp
01:48
Video thumbnail
ජනපතිටත් කැබිනට් මණ්ඩලයටත් සෙත්පතා - ගම්මු ටිකක් කරපු සුපිරි වැඩේ #npp #anurakumaradissanayaka
04:13
Video thumbnail
🛑Breaking News - 09වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය
10:36

?