මෝල් හිමියන් හාල් මිල දෙවැනි වතාවටත් ඉහළට

සහල් මෝල් හිමියන් හිතුමතේ හාල් මිල වැඩි කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව සහල් මිල නැවතත් රුපියල් 10 සිට 30 දක්වා ගණනකින් ඉහළ දැමීමට පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබෙනවා.

කීරි සම්බා සහල් කිලෝවක් තවත් රුපියල් 30 කින් ද, සම්බා සහ නාඩු සහල් කිලෝවක් තවත් රුපියල් 10 කින් ද, ඉහළ දමා තිබෙනවා.

ආසන්තම මිල ඉහළ දැමීමත් සමඟ කීරි සම්බා සහල් කිලෝවක නව සිල්ලර මිල රුපියල් 225 ක් ද, සම්බා සහල් කිලෝවක නව මිල රුපියල් 165 ක් ද, නාඩු සහල් කිලෝවක නව මිල රුපියල් 140 ක් ද, වන බවයි වාර්තා වන්නේ.

මෙම දෙවැනි මිල ඉහළ දැමීමත් සමඟ මාසයක් තුළ කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 60 කින් ද, සම්බා සහ නාඩු සහල් කිලෝවක මිල රුපියල් 25 කින් ද, ඉහළ දැමීමට ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයෝ කටයුතු කර තිබෙනවා.

සුදු සහ රතු කැකුළු සහල් කිලෝවක් ද රුපියල් 5 කින් ඉහළ දැමීමත් සමඟ සුදු කැකුළු කිලෝවක නව මිල රුපියල් 125 ක් ද, රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 110 ක් ද, බවට පත්ව ඇති බව වෙළෙන්දන් පවසනවා. 

රජය සහල් පාලන මිල පසුගිය සැප්තැම්බර් මස 27 වැනිදා රාත්‍රී ඉවත්කිරීමෙන් පසුව පොළොන්නරුව මහා පරිමාණ සහල් නිෂ්පාදකයෝ සැප්තැම්බර් 28 වැනිදා මාධ්‍ය හමුවක් කැඳවමින් නාඩු කිලෝවක් රුපියල් 115 කට, සම්බා කිලෝවක් රුපියල් 140 කට සහ කිරී සම්බා කිලෝවක් රුපියල් 165 කට අළෙවි කරන බව පැවසුවා.

ඉන් පසුව මේ මස 18 වැනිදා කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 30 කින් ද, සම්බා සහ නාඩු සහල් කිලෝවක මිල රුපියල් 15 කින් ද, ඉහළ දැමීමට ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන සමාගම් කටයුතු කළ අතර ඒ අනුව කීරි සම්බා කිලෝවක මිල රුපියල් 195 ක් ද, සම්බා කිලෝවක මිල රුපියල් 155 ක් ද, නාඩු සහල් කිලෝවක නව මිල රුපියල් 130 ක් ද, බවට පත්විය.

කිරී සම්බා කිලෝවක් රුපියල් 195 කට ද, සම්බා කිලෝවක් රුපියල් 140 කට ද, නාඩු කිලෝවක් රුපියල් 125 කට ද, අළෙවි කරන බවයි සුපිරි වෙළෙඳසැල් හිමියන් පවසන්නේ.

ලංකා සතොස මගින් පුද්ගලයකුට වරකට නාඩු සහල් කිලෝ තුනක් පමණක් කිලෝවක් රුපියල් 98 බැගින් මිලදී ගත හැකි බවත් සුදු සහ රතුළු කැකුළු සහල් කිලෝවක් රුපියල් 95 බැගින් මිලදී ගත හැකි බවත් ලංකා සතොස පවසනවා.

සිල්ලර වෙළෙදුන් පවසන්නේ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සහල් මිල වැඩි කරමින් වෙළෙඳපොලට නිකුත් කරන බවත් වෙළෙදුන්ට රුපියල් 5 ක ලාභයක් පමණක් ලබාදෙන බවත්ය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට මුල්ගල් තබයි - සිරකරුවන් ගැන කිව්ව සුපිරි කතාව
12:21
Video thumbnail
චාමර සම්පත් කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා
00:47
Video thumbnail
නිලධාරින් ඇතුළට වෙ#ඩි තිබ්බ හේතුව කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි
01:26
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
00:59
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි
00:19
Video thumbnail
කුලී නිවසක තිබී වයස අවු: 26ක තරුණියකගේ නිසල සිරුරක් හමුවෙයි
00:42
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි - තුවාලද කියලවත් බලන්නේ නෑනේ ?
00:42
Video thumbnail
පොල්පිති ඇමතිලා රටට ඕනි නෑ - මේ ඇමති සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක්ද ?
05:39
Video thumbnail
ඉල්ලා අස්වෙන්න ඕනි නම් ඉස්සෙල්ලම විපක්ෂ නායක අස්වෙන්න - සාර්ථක වුණානම් එයා ඉන්නේ ජනපති පුටුවේ
07:21
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ව මිණීම#වන් කරන්න එපා - තොරතුරු ගන්න බෑ..ඒ ඔෆිස් ගිනි තියලා තියෙන්නේ
05:00