කවදාවත් රිය අනතුරක් සිදුකර පලා යන්න හිතන්න නම් එපා! රියදුරන්ට වැඩ වරදින හැටි මෙන්න

රිය අනතුරක් සිදුකර පලායන රියදුරන් හා වාහන සම්බන්ධයෙන් වාර්තා වු සැනින් අපරාධ වාර්තා කොට්ඨාසයේ සැකකරුවන් නියාමනය කිරීමේ (AMIS) අංශය වෙත ක්ෂණිකවට දැනුවත් කළ යුතු බව පොලිස්පතිවරයා සියලුම රථවාහන  නිලධාරීන්ට විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසනවා.

යම්කිසි පොලිස් වසමක රිය අනතුරක් සිදුකර පලායන රියදුරන් හා වාහන සම්බන්ධයෙන් වාර්තා වු විට එම පණිවිඩය අදාල කොට්ඨාස තුළ පමණක් සංසරණය වීමෙන් වෙනත් පොලිස් බල ප්‍රදේශ කරා අදාල වාහන සමග ද සැකකරුවන් පලායන බවට නිරීක්ෂණය වන බවත්, දිවයිනේ අනිකුත් පොලිස් ස්ථාන වෙත මෙම පණිවිඩය බැහැර නොවීමෙන් රිය අනතුරු සිදුකර පලා යන රියදුරුන් හා වාහන අත්අඩංගුවට ගැනීමට නොහැකි වන බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම තත්ත්වය වලක්වා ගැනීම සදහා රිය අනතුරක් සිදුකර පලායන රියදුරන් හා වාහන සම්බන්ධයෙන් අදාල පොලිස් ස්ථානයට වාර්තා වු සැනින් එය අපරාධ අපරාධ වාර්තා කොට්ඨාසයේ සැකකරුවන් නියාමනය කිරීමේ (AMIS)  අංශය [email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ යොමු කළ යුතු බවත් පොලිස් මුලස්ථානය පෙන්වා දෙනවා.

රිය අනතුර පලායන සිද්ධියක් වාර්තා වු සැනින් එම පොලිස් ස්ථානයේ (VPN) ජාලය බාරව කටයුතු කරන නිලධාරීයා මේ සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරයා දැනුවත් කළ යුතු බවත්, ස්ථානාධිපතිවරයා විසින් තම බල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන මාර්ග බාධක හා ජංගම සංචාර ක්ෂණිකව දැනුවත් කර පලායන රියදුරන් හා වාහන අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලබා දිය යුතු බවද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරනවා.

රිය අනතුරක් සිදුකර පලා යන රියදුරන් හා වාහන සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේ දී එම රියදුරන් හා වාහන පලායම සිදුව ඇත්තේ යම් පොලිස් ස්ථානයක මාර්ග බාධකයක් හරහා බවට අනාවරණය වුවහොත් අදාල නිලධාරින්ට එරෙහිව  විනයාණුකූලව කටයුතු කරන බවද පොලිස්පතිවරයා චක්‍රලේඛය වැඩිදුරටත් සදහන් වන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්පහට ගංවතුර - මෙන්න නවතම තත්ත්වය..බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවෙලා
02:26
Video thumbnail
අපිට බොරු පොරොන්දු දුන්නා - පොහොර ගැටලුව නිසා ගොවීන්ට යකා නගියි
05:29
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් ගංජා අළු කළ මෙහෙයුම
01:28
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම..බිහිසුණු අනතුරේ නවතම දර්ශන
01:41
Video thumbnail
අන්තරේ සෙට් එක චිත්‍රපටි බල බල මල්වානේ නිවසේ ගත්ත fun එක කොහොමද ?
01:12
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43