“පොහොර බාර ගන්නේ නෑ ඒක ස්තිරයි’’: අගමැති චීන තානාපතිට කියයි

කොළඹ වරායට පැමිණ ඇති චීන පොහොර නෞකාවේ ඇති පොහොර තම රටට භාරගත නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චීන තානාපති වී. ශෙන්හොන් මහතාට දැනුම් දී තිබේ.

චීන තානාපති  වී. ශෙන්හොන් මහතා ඊයේ 28 පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කර ඇතැයි වාර්තා වේ.

තම රට ඉල්ලා ඇති නිර්ණායක වලට අනුව ලබාදෙන පොහොර පමණක් අප බාර ගැනීමට සූදානම් බවද මෙහිදී අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

මෙම කරුණු ඉදිරිපත් වූයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය පැවති මාධ්‍ය හමුවේ දීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?