රටම අඳුරු කරන දිනය ගැන විදුලි වෘත්තීය සමිති කියයි

ලබන නොවැම්බර් 03 වැනිදායින් පසු මුළු රටම අඳුරට පත් කරමින් දීප ව්‍යාප්ත වර්ජනයකට අවතීර්ණ වන බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය නිවේදනය කර සිටිනවා.

යුගදනවි බලාගාරයේ කොටසක් ඇමරිකානු සමාගමකට ලබා දීම සඳහා අත්සන් කළ බව කියන ගිවිසුම ඉල්ලා අස් කරගන්නා ලෙස රජයට බල කරමින් එම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් කොළඹදී ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ.

ලබන මස 3 වැනි දා දිවයින පුරා සියලු විදුලිබල මණ්ඩල සේවකයන් කොළඹට පැමිණ දැවැන්ත විරෝධතාවයක නිරත වීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම හෙට මධ්‍යහ්න 12 ට දිවයිනම ආවරණය වන පරිදි විදුලිබල මණ්ඩල නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කාර්යාල 19ක් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමටද සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව හෙට කුලියාපිටිය, කුරුණෑගල, අනුරාධපුර, තංගල්ල, ගාල්ල, රත්නපුර, බදුල්ල, ත්‍රීකුණාමලය සහ කිරිබත්ගොඩ ඇතුලු ප්‍රදේශ 19 කදී එම විරෝධතා පැවැත්වෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
46
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36