AFC Banner
Empty Ad
Empty Ad

නුගේගොඩ හතේ කණුවේ සිදු වු මාරක රිය අනතුරෙහි ඇඟ කිළිපොලා යන CCTV දර්ශන මෙන්න

නුගේගොඩ හයිලෙවල් මාර්ගයේ හතේ කනුව ආසන්නයේ මෝටර් රථයක් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනකු එම ස්ථානයේදී මිය ගොස් තිබෙනවා .මහරගම දෙස සිට නුගේගොඩ දෙසට ධාවනය වූ මෝටර් රථයක් වෙනත් වාහනයක් ඉස්සර කිරීමට යාමේදී නුගේගොඩ දෙස සිට මහරගම දෙසට ධාවනය වූ යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා .

අනතුරින් මියගිය කටුබැද්ද සහ හෝමාගම පදිංචිකරුවන් දෙදෙනා ගේ සිරුරු කළුබෝවිල ශික්ෂණ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණයට යොමු කිරීමට නියමිතයි.

අනතුර සිදුවන අවස්ථාවේදී එහි රියැදුරු බීමත්ව සිට ඇති බවත් අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බවත් පොලීසිය කියයි .සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය පරීක්ෂණ පවත්වන අතර මෝටර් රථ රියදුරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

https://youtu.be/K8IIeb5NBVo
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?