මිනුවන්ගොඩ අවමංගල උත්සවයකින් මතුවූ කොරෝනා පොකුර

මිනුවන්ගොඩ, හොරම්පැල්ල නවලෝක ප්‍රදේශයේ රෝහල් සේවකයකුගේ අවසන් කටයුතුවලට සහභාගී වූ පිරිසෙන් 35 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර සිටිනවා.

ඉකුත් 10 වෙනිදා පැවති මෙම අවමංගල්‍ය පැවැති අතර ඊට සහිතයකට පමණ පසුව පවුලේ සාමාජිකයන් තිදෙනකුට හා අවමංල්‍යයට සහභාගී වූ කීපදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි ඇත.

මෙම අවමංගල්‍යයට සහභාගී වූ පවුලේ ඥාති සාමාජකයන් කීපදෙනකුට කලින් සිටම සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ අමාරුව, සහ උණ රෝග ලක්ෂණ තිබූ බවට කරුණු වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියේ.

මියගිය සෞඛ්‍ය අංශ සේවකයාගේ අවමගුලට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් සහභාගී වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?